ගෘහිණියක් ලෙස ගෙදර දොරේ වැඩ කටයුතුත් බලාගන්න ගමන් තමන්ගේම කියා අභිමානවත් ආදායම් මාර්ගයක් ගොඩනඟන්නේ කෙසේද?
වර්තමාන ආර්ථික රටාව හමුවේ පවුලේ නඩත්තුවට හෝ තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවලට එක ආදායම් මාර්ගයක් පමණක් ප්‍රමාණවත් නොවන බව අප කවුරුත් දන්නා කරුණකි. විශේෂයෙන්ම කුඩා දරුවන් සිටින, පවුලේ රැකබලා ගත යුතු වැඩිහිටියන් සිටින හෝ විවිධ හේතූන් මත උදේ සිට සවස දක්වා පිටත රැකියාවකට යෑමට අපහසු කාන්තාවන්ට සහ තරුණියන්ට මෙය මහත් ගැටලුවකි.
නමුත් අද වන විට තාක්ෂණය, සමාජ මාධ්‍ය සහ ගෘහස්ථ නිර්මාණශීලීත්වයත් සමඟ නිවෙසේ සිටම සාර්ථක ව්‍යවසායිකාවක වීමේ දොරටු විවර වී ඇත. ඔබට තිබිය යුත්තේ උනන්දුව, කැපවීම සහ නිර්මාණශීලී සිතුවිල්ලක් පමණි.
ගෙදර ඉඳන්ම අතට මුදලක් උපයා ගැනීමට ඔබේ පෞරුෂයත් වර්ධනය කරගන්න පුළුවන්. නිර්මාණශීලී ස්වයං රැකියා අදහස් 5ක් ගැන අද අපි කතා කරමු.
අතින් නිර්මාණය කරන ලද හෑන්ඩ්මේඩ් නිෂ්පාදන
ඔබට හුරුබුහුටි ලෙස නිර්මාණයක් කිරීමට හැකියාව තියෙනවාද? එසේ නම් ඔබට යා හැකි හොඳම මඟ වන්නේ හෑන්ඩ්මේඩ් (Handmade) නිෂ්පාදනයයි. අද වන විට වෙළඳපොළේ යන්ත්‍රසූත්‍රවලින් හදන දේවල්වලට වඩා මිනිස් අතින් නිර්මාණය වන දේවලට (Handcrafted items) විශාල ඉල්ලුමක් පවතී.
- මෑත කාලයේ ඉතාම ජනප්‍රිය ක්‍රමයක් වන Resin (රේසින්) යොදාගෙන සාදන Key tags, Coasters, සහ Jewelry.
- ගොතන ලද හුරුබුහුටි සෙල්ලම් බඩු, බෑග්, දරුවන්ගේ ඇඳුම් ස්වාභාවික සුවඳ විහිදුවන ඉටිපන්දම් සහ ඖෂධීය සබන් වර්ග.
- උපන් දින, සංවත්සර සඳහා විශේෂිතව සාදන ඡායාරූප රාමු, Pop-up Cards (පොප් අප් කාඩ්ස්) සහ Gift Boxes (ගිෆ්ට් බොක්ස්).
විකුණන්නේ කෙසේද?
ඔබ හදන නිර්මාණ අලංකාර ලෙස ඡායාරූප ගෙන ඉන්ස්ටග්‍රෑම් (Instagram), ෆේස්බුක් (Facebook) හෝ ටික් ටොක් (TikTok) හි ගිණුමක් සාදා ප්‍රදර්ශනය කරන්න. මිතුරන් සහ නෑදෑයන් මාර්ගයෙන් මුලින්ම ප්‍රචාරය ලබාගන්න.
ගෙදර හැදූ රසකැවිලි සහ ආහාර සැපයීම
ආහාර පිසීමට සහ කේක් සෑදීමට කැමැති කාන්තාවකට නිෙවසින්ම ආරම්භ කළ හැකි ඉතාම ලාභදායී ව්‍යාපාරයක් ලෙස මෙය හැඳින්විය හැකිය. අද බොහෝ දෙනෙක් පිටත කඩවලින් කනවාට වඩා ගෙදර පිරිසුදුව සාදන ආහාරවලට වැඩි කැමැත්තක් දක්වති.
- උපන් දින, උත්සව සඳහා විශේෂිත තීම් කේක් (Theme Cakes) සහ බ්‍රව්නීස් (Brownies). තල කැරලි, වැලි තලප, අග්ගලා වැනි දේශීය කැවිලි වර්ග පිරිසුදුව පැකට් කර අසල ඇති වෙළඳසල්වලට හෝ ඕඩර් කිරීමේ (On-order) ක්‍රමයට ලබාදීම.
- කාර්යාලවල සේවය කරන අයට හෝ විශ්වවිද්‍යාල සිසුන්ට ගෙදර හැදූ රසවත්, පිරිසුදු කෑම පාර්සල් සපයා දීම.
- ආහාර නිෂ්පාදනයේදී රසය මෙන්ම පිරිසුදුකම සහ ආකර්ෂණීය ඇසුරුම්කරණය ඉතා වැදගත් වේ.
මහන මැෂිමෙන් අලුත් මෝස්තර මැවීම
ඔබට මෝස්තර නිරූපණය පිළිබඳ අදහසක් සහ මහන මැෂිමක් තිබේ නම්, නිෙවසේ සිටම හොඳ ආදායමක් ඉපැයිය හැකිය. සාම්ප්‍රදායික ලෙස ඇඳුම් මැසීමට අමතරව අලුත් ට්‍රෙන්ඩ් එකට ගැළපෙන ලෙස නිර්මාණ සිදු කිරීමෙන් වැඩි පාරිභෝගිකයන් පිරිසක් දිනාගත හැකිය.
- කුඩා දරුවන් සඳහා අලංකාර, සුවපහසු ඇඳුම් මෝස්තර සාදා විකිණීම.
- මංගල උත්සව සහ විශේෂ උත්සව අවස්ථා සඳහා සාරි, බ්ලවුස් සැකසීම හා ඉතිරිවන රෙදි කැබලිවලින් හුරුබුහුටි කොණ්ඩ බෑන්ඩ් සකසා අන්තර්ජාලය හරහා විකිණීම.
ඩිජිටල් තාක්ෂණය මඟින් මුදල් සෙවීම
ඔබට පරිගණකයක් හෝ ස්මාර්ට් ෆෝන් එකක් තිබේ නම්, ගෙදරින් පිටතට නොගොස් විදේශීය සහ දේශීය සේවාදායකයන්ගෙන් ආදායම් ලැබිය හැකිය. මෙය නැඟි එන ක්ෂේත්රයක් වන අතර තාක්ෂණික දැනුම මඳක් වැඩිදියුණු කරගැනීමෙන් හොඳ අනාගතයක් ගොඩනඟා ගත හැකිය.
- කැන්වා (Canva) වැනි නොමිලේ භාවිත කළ හැකි මෘදුකාංග මඟින් සමාජ මාධ්‍ය පෝස්ටර්, ආරාධනා පත්‍ර සහ ලෝගෝ (Logo) ඩිසයින් කිරීම.
- කුඩා ව්‍යාපාරවල ෆේස්බුක් (Facebook) හෝ ඉන්ස්ටග්‍රෑම් (Instagram) පිටු පවත්වාගෙන යෑම සහ Content සකස් කරදීම.
- අන්තර්ජාලය හරහා ආයතනවල පරිපාලනමය කටයුතුවලට සහය වීම Fiverr, Upwork වැනි වෙබ් අඩවි හරහා සිදු කළ හැකිය.
ඔබේ දැනුම සහ කුසලතා බෙදාහැරීම
- ඔබ යම් විෂයයකට, භාෂාවකට, සෞන්දර්යාත්මක කටයුත්තකට (නැටුම්, ගැයුම්, චිත්‍ර) හෝ සූපවේදයට දක්ෂ නම්, එම දැනුම අන් අයට ලබාදීමෙන් මුදල් ඉපැයිය හැකිය.
- නිවසේදී කුඩා ළමයින්ට උපකාරක පන්ති පැවැත්වීම.
- Zoom හරහා කේක් සෑදීම, මැහුම්, බේසික් ඉංග්‍රීසි හෝ Skincare රහස් වැනි දේවල් පිළිබඳ පැය 2-3 ක කුඩා වැඩමුළු පැවැත්වීම.
- අධ්‍යාපනික හෝ කුසලතා වර්ධනය වන යූ ටියුබ් චැනල් (YouTube Channel) එකක් හෝ ටික් ටොක් (TikTok Page) එකක් ආරම්භ කර පසුව එමඟින් ආදායම් ලැබීම.
ස්වයං රැකියාවක් සාර්ථක කරගන්නා රහස් 4ක්
- ගෙදර දොරේ වැඩ සහ ව්‍යාපාරයේ වැඩ පටලවා නොගෙන, දිනපතා ව්‍යාපාරය වෙනුවෙන් වෙන්වූ පැය 2-3 ක් තබාගන්න.
- ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම සහ ගෙදර වියදම් වෙන් වෙන්ව ලේඛනගත කරන්න.
- ඔබේ නිෂ්පාදන සහ සේවාවන් ගැන පැහැදිලි ඡායාරූප සහ විස්තර සමාජ මාධ්‍ය වෙත එකතු කරන්න.
- භාණ්ඩයේ ගුණාත්මකභාවය සහ නියමිත වේලාවට භාණ්ඩ ලබාදීම මඟින් පාරිභෝගික විශ්වාසය ගොඩනඟා ගන්න.
“මම ගෘහිණියක් විතරයි” කියා කිසිවිටකත් ඔබේ හැකියාවන් අගය නොකර සිටින්න එපා. කුඩාවට පටන් ගන්නා ව්‍යාපාරයක් හෙට දිනයේ විශාල ව්‍යවසායක් බවට පත්විය හැකිය. ඔබේ උනන්දුව, කැපවීම සහ නිර්මාණශීලී බව පෙරටු කරගෙන අදම ඔබේ පළමු පියවර තබන්න. නිවෙසේ සිටම ස්වාධීන, අභිමානවත් සහ සතුටින් පිරි කාන්තාවක් වීමට ඔබටත් හැකියාව ඇත.
සටහන | සුමේධා දිල්රුක්ෂි
උපුටාගැනීම Tharunie.lk




