කාන්තා රග්බි ලීග් ලෝක කුසලානය: ඔස්ට්‍රේලියාවට 124 – 6ක වාර්තාගත ජයග්‍රහණයක්!

0
23

පිට පිට සිවු වැනි ලෝක කිරුළක් දඩයම් කරමින් සිටින ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිඩ්නි හි පැවති පැත්තකට වඩා බරවූ මේ තරගයේදී ට්‍රයි 21ක් ලබා ගත්තා.

තරගයේ පළමු භාගය අවසානයේ පැවති ලකුණු සංඛ්‍යාව වූ 60 – 0 පිරිමි හෝ කාන්තා ඔ්නෑම ලෝක කුසලාන රග්බි තරගයක විශාලතම ලකුණු ප්‍රමාණය වූ අතර ඔස්ට්‍රේලියානුවන් තව තවත් ට්‍රයි ලබා ගනිමින් අවසානයේදී ලකුණු 124 – 6ක පහසු ජයග්‍රහණයක් සටහන් කළා.

අවසන් මිනිත්තුවේ වාර්තා වූ ජේමී චැප්මන්ගේ හය වැනි ට්‍රයි දිනුමෙන් ඔවුන් ඩෙන්මාර්කයේ පිරිමි කණ්ඩායමේ ලොකුම ජාත්‍යන්තර ලකුණු සංඛ්‍යාව වන 2012 වසරේ ස්වීඩනය ට එරෙහි 122 – 8 අභිභවා ගියා.

වේල්සය ට එරෙහි ප්‍රතිඵලයේ ඇති ලකුණු 118ක ජයග්‍රාහී වෙනස ඔ්නෑම කාන්තා තරගයක ලොකුම ලකුණු අන්තරය වනවා. ප්‍රංශයේ පිරිමි කණ්ඩායම 2003 වසරේදී සර්බියාව අන්ත පරාජයට ලක් කරමින් ලකුණු 120 – 0ක ජයක් වාර්තා කළා.

එහෙත්, තරගයේ අසරණ තත්ත්වයට පත්ව ලකුණු 100 – 0කින් පිටුපසින් සිටියදී පේජ් ට්‍රැවිස් ට්‍රයි දිනුමක් (ගෝලයක් බවට පරිවර්තනය කෙරුණු) ලබා ගනිමින් මේ තරගාවලියේ ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු ලබා ගත් පළමු කණ්ඩායම බවට වේල්සය පත් කිරීමත් සමග නැගුණු උන්මාදිත ප්‍රීති ඝෝෂාවෙන් ක්‍රීඩාංගණය දෙදරා ගියා.

ජිලරූස් (Jillaroos) නමින් හැඳින්වෙන ඔස්ට්‍රේලියානු කාන්තා ජාතික රග්බි ලීග් කණ්ඩායම නොකඩවා තෙවැනි වතාවටත් ශූරියන්ව සිටින කණ්ඩායම වන අතර වේල්ස් කණ්ඩායම මේ තරගාවලියට සහභාගි වන්නේ ප්‍රථම වරට යි. ඔවුන් ඔවුන්ගේ පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කළේ 2021 වසරේ.

මෙය වේල්ස කාන්තා කණ්ඩායමේ 16 වැනි තරගය හා ඔස්ට්‍රේලියාව ට එරෙහි පළමු තරගය වී තිබුණා. ‌ඔවුන් දැනටමත් ලෝක කුසලානයේදී එංගලන්තය ට 70 – 6කින් ද, සමෝවා ට 76 – 0කින් ද පරාජය වී සිටිනවා.

මේ ජයග්‍රහණයේදී ජිලරූස් 2022 ලෝක කුසලාන තරගාවලියේ ප්‍රංශය ට එරෙහිව සටහන් කර තිබූ ඔවුන්ගේ ලකුණු 92 – 0ක වාර්තාව බිඳ දැමුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here