“තරුණ හා කාන්තා නියෝජනය තීරණ ගන්නා මට්ටමට ගෙන ඒම අත්‍යවශ්‍යයි” – පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් ෂර්ලි බොච්වේ කියයි

0
15

2026 පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM 2026) සමගාමීව ඇන්ටිගුවා සහ බාබුඩා හිදී ආරම්භ වූ තරුණ සහ කාන්තා ඒකාබද්ධ සමුළුව අමතමින් පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් ෂර්ලි බොච්වේ අවධාරණය කළේ, පොදුරාජ්‍ය මණ්ඩලීය බිලියන 2.7 ක සමස්ත ජනගහනයෙන් 80% ක් නියෝජනය කරන තරුණ හා කාන්තා හඬ තීරණ ගන්නා ඉහළම මට්ටම්වලට ගෙන යාම අත්‍යවශ්‍ය කාරණාවක්‍ වන බවය.

ශාන්ත ජෝන් පෙන්තකොස්ත දේවස්ථානයේ ඊයේ (නොවැම්බර් 2 ) පැවති මෙම සමුළුවේදී මහලේකම්වරිය විසින් පෙන්වා දුන්නේ, බිලියන 2.7 ක ජනගහනයෙන් 60% ක්ම වයස අවුරුදු 30 ට අඩු තරුණ තරුණියන් වන අතර ඉනිදු අඩක්ම කාන්තාවන් සහ ගැහැණු ළමුන් වන බවයි. එසේ තිබියදීත් තවමත් ඉහළ පෙළේ තීරණ ගැනීමේ මට්ටම්වල ඔවුන්ගේ නියෝජනය ප්‍රමාණවත් නොවන බව ඇය තරයේ පවසයි.

වචනවලට වඩා ක්‍රියාකාරීත්වයට මුල්තැන දෙන මෙම සමුළුව හරහා, ඉදිරි වසර 5 තුළ තරුණ තරුණියන් මිලියන 10 කට ඩිජිටල් තාක්ෂණය හා ව්‍යවසායකත්ව පුහුණුව ලබාදීමටත්, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ඇමරිකානු ඩොලර් බිලියනයකට අධික මූල්‍ය ආයෝජන ලබාදීමටත් කටයුතු යොදා ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here