පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුවට ලංකාවේ සුනඛයන් වෙනුවෙන් කිලෝමීටර 620ක් දුවන බ්‍රිතාන්‍ය පශු වෛද්‍යවරියගේ කතාව

    0
    41

    අද වන විට, ශ්‍රී ලංකාවේ අසරණ වීදි සතුන් උදෙසා පවුම් මිලියන 1.6ක (ඇමරිකානු ඩොලර් මිලියන 2කට ආසන්න ප්‍රමාණයක්) පූර්ණ පහසුකම් සහිත නවීන පශු රෝහලක් ඉදිකිරීම සඳහා අරමුදල් රැස්කිරීමේ අරමුණෙන් පසුවන්නීය.

    මෙකී අපේක්ෂිත මුදල සොයාගැනීම වෙනුවෙන් ජේනි සංවිධානය කර ඇත්තේ ‘Dog Jog’ ලෙස නම් කළ පාගමනකි. ඔක්තෝබර් 9 වනදා දිවයිනේ උතුරු කෙළවර සලකුණු කරමින් පේදුරු තුඩුවෙන් ආරම්භ කෙරෙන මෙම පාගමන, දිවයිනේ දකුණු කෙළවර වන දෙවුන්දර තුඩුව දක්වා සිදුකෙරෙනු ඇත.

    සම්පූර්ණ දුර කිලෝමීටර 620ක් (හැතැප්ම 385ක්) වන අතර, දින 22ක් ඇතුළත මෙම ගමන නිමා කිරීමට ඇය බලාපොරොත්තු වෙයි. මෙය සාමාන්‍යයෙන් අර්ධ මැරතන් තරග 30ක් පමණ එක දිගට පැවැත්වීමට සමාන දැවැන්ත වෙහෙසකර අභියෝගයකි.

    ජේනි ලෝව්ස් පළමු වරට ශ්‍රී ලංකාවට පැමිණියේ සාමාන්‍ය සංචාරකයකු ලෙසයි. නමුත් මහමග තුවාල ලබා, අසනීප වී, අනතුරුවලට ලක්ව අසරණව සිටින වීදි සුනඛයන් දුටු ඇගේ සිත දැඩි ලෙස කම්පා විය.

    එතැන් පටන් සිය මව් රටට යෑම පසෙක තබා 2014 වසරේදී WeCare Worldwide නම් සංවිධානය පිහිටවූ ඇය, මුල් කාලයේදී තමන් සිටි නිවස ඇතුළතදීම සතුන්ට ප්‍රතිකාර කළාය. පසුව කුඩා ළමා උද්‍යාන ගොඩනැගිල්ලක් තාවකාලික සායනයක් බවට හරවා ගනිමින්, මේ වන විට සුනඛයන් සහ පූසන් 35,000කට වැඩි ප්‍රමාණයකට ජලභීතිකා එන්නත් සහ හදිසි ජීවිතාරක්ෂක ප්‍රතිකාර ලබාදීමට ඇය සහ ඇගේ කණ්ඩායම සමත්ව සිටියි.

    නමුත් දැනට පවතින මෙම තාවකාලික සායනය වසර ගණනාවක් පැරණි, අද වන විට බිත්තිවල පෙඳපාසි බැඳී, වැසි වැටෙන සෑම අවස්ථාවකම වහලෙන් වතුර කාන්දු වන, ඉතා කුඩා පරිශ්‍රයකි. එමෙන්ම අලුතින් ඇතුළත් කරන අසනීප සතුන් නිසා එය දැඩි ලෙස පිරී ඉතිරී යයි.

    ලංකාවේ අසරණ වීදි සුනඛයන්ගේ ජීවිත වෙනුවෙන් සුවපහසු ජීවිතය කැපකර, කිලෝමීටර 620ක දුරක් පයින් ඇවිද ගොස් මුදල් එකතු කොට රෝහලක් නිර්මාණය කිරීමේ අපේක්ෂාවෙන් පසුවන වෛද්‍ය ජේනි ලෝව්ස්ගේ මෙම මානුෂීය වෑයම, අගය කරනු වටනේය.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here