රූපලාවන්‍ය ආලේපනයක් නිසා තරුණියකට වකුගඩු රෝගයක්

0
13

මේ සම්බන්ධයෙන් අදාළ ආලේපනය නිෂ්පාදනය කළ නිෂ්පාදකයන්ට එරෙහිව පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මුහුණේ කුරුලෑ සහ ලප කැලැල් ඉවත් කරගැනීම සඳහා සමාජ මාධ්‍ය දැන්වීමක් ඔස්සේ මිලදී ගත් මෙම ආලේපනය භාවිත කිරීමෙන් පසු තරුණියට හිසරදය, ක්ලාන්තය සහ සිරුර ඉදිමීම වැනි ලක්ෂණ මතුව තිබෙන බව සඳහන්.

පසුව ඇය රෝහල්ගත කර සිදුකළ පරීක්ෂණවලදී වෛද්‍යවරුන් අනාවරණය කරගෙන ඇත්තේ ඇගේ වකුගඩුවල රේචන පද්ධතියට දැඩි හානි සිදුව ඇති බවයි.

අදාළ ආලේපනය පරීක්ෂා කිරීමේදී එහි ආරක්ෂිත මට්ටම මෙන් 12,500 ගුණයකටත් වඩා වැඩි රසදිය (Mercury) ප්‍රමාණයක් අඩංගු බව තහවුරු වී තිබෙන බව සඳහන් වනවා.

සම හරහා සිරුරට ඇතුළු වූ මෙම විෂ සහිත රසදිය හේතුවෙන් තරුණියගේ වකුගඩු අක්‍රියවීමේ අවදානමක් ද මතුව තිබූ අතර, මාසයක පමණ කාලයක් ප්‍රතිකාර ලැබීමෙන් පසු ඇය මේ වනවිට නිවසේ සිට සුවය ලබමින් පසුවනවා.

මෙම සිද්ධියත් සමඟ ප්‍රමිතියෙන් තොර සහ නොමඟ යවන සුළු රූපලාවන්‍ය නිෂ්පාදන සමාජ මාධ්‍ය ඔස්සේ අලෙවි කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව තුළ යළිත් දැඩි කතාබහක් මතුව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here