ලෝක විවාහක සංචාරක රූ රැජින කිරුළ නිමේෂා ප්‍රේමචන්ද්‍රට

0
55

පිලිපීනයේ මැනිලා නුවර පැවැති 12 වන ලෝක විවාහක සංචාරක රූ රැජින 2026 (Mrs Tourism World 2026) තරගාවලියේ කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ රූපවාහිනී නිවේදිකා නිමේෂා ප්‍රේමචන්ද්‍ර සමත් වී තිබේ.

ඊට අමතරව තරගාවලිය පුරා පැවැති අනු තරග රැසක ජයග්‍රහණය ද හිමිකර ගැනීමට ඇය සමත්වූවාය. ලොව ප්‍රධාන රටවල් 20 ක විවාහක සංචාරක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් සැප්තැම්බර් 24 වැනිදා සිට ඔක්තෝබර් 02 වැනිදා දක්වා මෙම තරගාවලිය පැවැත්විණි.
තරගාවලිය සඳහා ඇය සමග සහභාගී වූ ඇගේ සැමියා වන මලිත් ගිහාන් විතාන හොඳම සහයෝගී සැමියාට හිමි “Best Supporting Husband” සම්මානයද හිමි කරගනු ලැබීය. ජයග්‍රහණයෙන් අනතුරුව නිමේෂා ප්‍රේමචන්ද්‍ර සහ මලිත් ගිහාන් විතාන සිංගප්පූරු ගුවන් සේවයේ SQ-468 දරන ගුවන් යානයෙන් පෙරේදා (05) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here