ගීත වාරණයට නිර්මාණාත්මක පිළිතුරක් දුන් අංජනා මුතුකුමාරණ

0
294

කලාව යනු කිසිදු භූගෝලීය හෝ භාෂාමය සීමාවකට යටත් නොවන, සංවේදී හදවත් එකිනෙක යා කරන විශ්වීය මාධ්‍යයකි. එහෙත්, මෑතකදී සමාජ මාධ්‍ය අවකාශය දැඩි ලෙස කැලඹීමට ලක් කළ සිදුවීමක් වූයේ ප්‍රවීණ ගායන ශිල්පී අජිත් මුතුකුමාරණගේ අතිශය ජනප්‍රිය “ඇස යොමන තැනක” ගීතයට පැනවුණු හදිසි වාරණයයි. අදාළ ගීතයේ පද රචිකාවිය විසින් එන්තරවාසියක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, යම් හෙයකින් එම ගීතය යළි වේදිකාවේ ගායනා කළහොත් රුපියල් මිලියන 10ක (කෝටියක) වන්දියක් අය කර ගන්නා බවයි. මෙම නීතිමය ගැටලුවත් සමඟ අජිත් මුතුකුමාරණ තීරණය කළේ අදාළ ගීතයේ පූර්ණ අයිතිය එම පාර්ශ්වයට පවරා දී, මින් ඉදිරියට කිසිදු ප්‍රසංගයකදී එම ගීතය ගැයීම නවත්වාලීමටය.

මෙහිදී අජිත් මුතුකුමාරණ කලාකරුවාගේ දියණිය වන අංජනා මුතුකුමාරණ විසින් ගීතයේ තනුවට සහ සංගීත නිර්මාණයට ගැළපෙන අයුරින් නව පද රචනාවක් සිදුකර තිබේ. ඒ හරහා කර්තෘභෘගය පිළිබඳ ගැටලුව විසඳා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබී ඇත.ඇයගේ පද රචනයෙන් හැඩවුණු “සිත හඬන රෑයක” නව ගීතය මේ වන විට කලා ලෝකයේ දැඩි කතාබහට ලක්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here