අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති Khaled Nasser Al Ameri අතර ඊයේ දිනයේදී (17) අරලියගහ මන්දිරයේදී විශේෂ හමුවක් පවත්වා තිබේ. මෙහිදී දිට්වා සුළි කුණාටුවෙන් පසු ලංකාවට ලබා දුන් සහයෝගයට අග්‍රාමාත්‍යවරිය ස්තූතිය පළ කර ඇති අතර, දෙසැම්බර් මාසයේ මැදපෙරදිග පිහිටි දියුණු රටක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ජල සමුළුවට සහභාගී වන ලෙසද තානාපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරියට ආරාධනා කර ඇත. තවද, නිපුණ ශ්‍රමිකයන්ට ජාත්‍යන්තර රැකියා අවස්ථා වැඩිකිරීම, වෘත්තීය අධ්‍යාපනය, කෘෂිකාර්මික තාක්ෂණය මෙන්ම වරාය, ගුවන් සේවා සහ ලංකාව කලාපීය ගුවන් යානා නඩත්තු මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයෝජකයන්ගේ අවධානය යොමුවී ඇති බවත් මෙහිදී සාකච්ඡා වී තිබේ.
සටහන
කල්පනී ෂමල්කා




