කලා ලෝකයේ තමන්ගේම මාවත සොයන විවියන් ජොලී!

    0
    8

    හොලිවුඩයේ වඩාත්ම කතාබහට ලක්වන සුප්‍රසිද්ධ තරු යුවලක් වන ඇන්ජලීනා ජෝලි සහ බ්‍රැඩ් පිට්ගේ දරුවන් ගැන ලෝකයේ නිරන්තර අවධානය යොමුව තිබෙන්නේය. කෙසේ වතුදු, මෑතකදී ලොස් ඇන්ජලීස් හි පැවැත්වුණු වීථි පොළකදී තමන්ගේම කලා නිර්මාණ අලෙවියේ යෙදෙන ඇන්ජලීනා – බ්‍රැඩ් යුවළගේ 18 හැවිරිදි දියණිය වන විවියන් ජොලී දැකගන්නට ලැබිණි.

    “The Tulip Fields” යන අපූරු නමින් තමන්ගේම කුටියක් මෙම පොළ තුළ පවත්වාගෙන ගිය විවියන්, එහිදී තමන් විසින්ම සිතුවම් කරන ලද චිත්‍ර, ස්ටිකර් මෙන්ම අතින් සාදන ලද අපූරු උපන් දින කාඩ්පත් ප්‍රදර්ශනය කරමින් අලෙවි කිරීමට කටයුතු කළාය.

    ලෝකප්‍රසිද්ධ සුපිරි තරු යුවලකගේ දරුවෙකු වුවද, කිසිදු ආඩම්බරයකින් තොරව සාමාන්‍ය තරුණියක ලෙස වීථි පොළක කුටියක් පවත්වාගෙන යමින්, තමන්ගේම මහන්සියෙන් නිර්මාණයේ යෙදීමට ඇය දැක්වූ උත්සාහය මේ වන විට බොහෝ දෙනාගේ ඉහළ පැසසුමට ලක්ව තිබේ.

    මෙම සුවිශේෂී අවස්ථාවේදී විවියන්ට හිමි වූ විශාලම ශක්තියක් වී ඇත්තේ ඇගේ නිවුන් සොහොයුරා වන නොක්ස් ය. අලෙවි කුටිය අලංකාර කරමින් එය සූදානම් කිරීමට මෙන්ම, විවියන්ගේ නිර්මාණ සහ මෙම අවස්ථාව සජීවී ලෙස කැමරා කාචයට නඟමින් නොක්ස් ඇයට ලබා දුන්නේ අපූරු සහයෝගයකි. එකිනෙකාට දක්වන ආදරය සහ සහයෝගය හේතුවෙන් මේ නිවුන් සොහොයුරු-සොහොයුරියන් යුගලය මේ වන විට අන්තර්ජාලය තුළත් ඉමහත් ආදරයක් දිනා සිටී.

    අද වන විට බොහෝ තරුණ තරුණියන්ට තමන්ගේම අනන්‍යතාවයක් ගොඩනඟා ගැනීම විශාල අභියෝගයකි. විශේෂයෙන්ම දෙමාපියන්ගේ සෙවණ යට හැදෙන වැඩෙන දරුවන්ට තමන්ගේම ස්වයං-අනන්‍යතාවයක් නිර්මාණය කරගැනීම පහසු නැත. එනමුදු, ස්වකීය ලෝකප්‍රකට දෙමාපියන්ගේ නාමයට මුවා නොවී, තම අතින්ම මැවෙන කලා නිර්මාණ හරහා ලෝකය ජය ගැනීමට විවියන් දරන මේ ප්‍රයත්නය
    තමන්ගේම සැබෑ කැමැත්ත සහ දක්ෂතාවය අනුගමනය කරමින් ස්වාධීන මාවතක ගමන් කරන්නට වෙර දරන තරු දරුවන්ට කදිම නිදසුනකි.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here