Taylor Swift ගේ අලුත්ම Surprise එක! -“The Life of a Showgirl, The Encore”

    0
    5

    මෙම නව ඇල්බමය සැප්තැම්බර් 24 දා මධ්‍යම රාත්‍රියේ නිල වශයෙන් එළිදැක්වුණු අතර, මේ වන විටත් සංගීත ලෝකයේ ඉහළම අවධානය දිනාගෙන ඇත.

    විෂ සහිත (toxic) ආදර සබඳතාවක අත්දැකීම් සහ ඒ ආශ්‍රිත හැඟීම් පදනම් කරගනිමින් නිර්මාණය වූ “Patient Zero” ගීතය මෙහි ප්‍රධාන තැනක් ගනී.

    මෙම ගීතයේ සංගීත වීඩියෝව සඳහා හොලිවුඩයේ ප්‍රකට නළුවන් වන Colin Farrell සහ Dakota Johnson රංගනයෙන් දායක වී තිබීම විශේෂත්වයකි. එපමණක් නොව, MTV හි වීඩියෝ සංගීත සම්මාන උළෙලේදී (VMAs) Taylor Swift වෙත පිරිනැමෙන ‘Artist Director’ සම්මානයත් සමඟම මෙම වීඩියෝවේ මංගල දැක්ම එළිදැක්වීමට නියමිතව ඇත.

    පසුගිය ජූලි මාසයේදී වසර තුනක ආදර සබඳතාවකින් පසු Kansas City Chiefs කණ්ඩායමේ ක්‍රීඩක Travis Kelce සමඟ විවාහ දිවියට පිවිසි Taylor, සිය සැමියා වෙනුවෙන් උපහාරයක් ලෙස ” Cleveland!” ගීතය මෙයට ඇතුළත් කර ඇත. Travis ගේ උපන් නගරය වන Cleveland නගරය මුල් කරගනිමින්, ගීතයේ නම නිර්මාණය වී ඇත.

    පසුගිය ඔක්තෝබර් මාසයේ නිකුත් වූ මුල් “Showgirl” ඇල්බමය, Billboard top 12 ප්‍රස්ථාරයේ එකවර ගීත 12ම ස්ථානගත කරමින් අසමසම වාර්තාවක් පිහිටුවීය. මෙම නව ගීත හතර නිර්මාණය වී ඇත්තේ, එම ඓතිහාසික සාර්ථකත්වය සැමරීම සඳහා ඇය ස්වීඩනයට ගිය අවස්ථාවකදී ප්‍රසිද්ධ නිෂ්පාදකවරුන් වන Max Martin සහ Shellback සමඟ එක්ව සිදුකළ සංගීතමය සහයෝගීතාවක ප්‍රතිඵලයක් ලෙසිනි.

    මෙම නවතම ‘Encore’ නිකුතුව හරහා Taylor Swift විසින් තවත් වරක් ඇයගේ ගීත රචනා කුසලතාව සහ සංගීතමය පරිණතභාවය මනාව පෙන්නුම් කර තිබේ.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here