මොරොක්කෝවේ පැවැත්වෙන 2026 FIFA 17න් පහළ (U-17) කාන්තා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පැවැති අර්ධ අවසන් පූර්ව තරගයෙන් බලවත් බ්‍රසීල කණ්ඩායම ගෝල 3-1ක් ලෙස පරාජයට පත් කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමට නයිජීරියානු ‘ෆ්ලෙමින්ගෝස්’ (Flamingos) කණ්ඩායම සමත් වී තිබේ.
ලෝක ශූරතාව දිනා ගැනීමේ අරමුණින් නයිජීරියාව එළඹෙන අවසන් මහා තරගයේදී ජපාන කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිත ය.
පළමු අර්ධය තුළ දෙපිළටම කිසිදු ගෝලයක් ලබා ගැනීමට නොහැකි වූ අතර, තරගයේ දෙවන අර්ධයේදී නයිජීරියානු ක්‍රීඩිකාවෝ ප්‍රබල ක්‍රීඩා විලාසයක් නිරූපණය කළහ. ඒ අනුව තරගයේ 55 වන මිනිත්තුවේදී ක්වීන් ජෝසෆ් (Queen Joseph) ලබාගත් ගෝලයත් සමඟින් නයිජීරියාව තරගයේ පෙරමුණ ගත්තේ ය.
අඛණ්ඩව ප්‍රතිවාදීන්ට පීඩනය එල්ල කළ නයිජීරියාව වෙනුවෙන් 71 වන මිනිත්තුවේදී අවුවූ බෂීරු (Awuwu Bashiru) දෙවන ගෝලය ලබාගත් අතර, 80 වන මිනිත්තුවේදී ඇය නැවතත් සාර්ථක වෙමින් ගෝල සංඛ්‍යාව 3-0ක් ලෙස ඉහළ නැංවූවා ය. තරගය නිමා වීමට ආසන්නව තිබියදී (89 වන මිනිත්තුවේදී) බ්‍රසීලය වෙනුවෙන් ග්‍රේස් (Greise) එක් ගෝලයක් ලබා ගත්තද, නයිජීරියාවේ ජයග්‍රහණය වැළැක්වීමට එය ප්‍රමාණවත් වූයේ නැත.
මෙම අතිවිශිෂ්ට ජයග්‍රහණයත් සමඟින් අවසන් මහා තරගයට පිවිසි නයිජීරියානු කණ්ඩායම, ලෝක කුසලාන කිරුළ තමන් සතු කර ගැනීමේ දැඩි විශ්වාසයකින් පසුවන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මූලාශ්‍රය




