අවසන් මහා තරගයේ දක්ෂතා ගැන චමරි අතපත්තුගෙන් ප්‍රකාශයක්!

0
6

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අවසන් මහා තරගයේදී දැක්වූ ක්‍රීඩා විලාසය පිළිබඳව තමන් කිසිසේත්ම සෑහීමකට පත් නොවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පවසයි. පැවති තරගාවලියෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මෙම අදහස් පළ කළ අතර එහිදී ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ,

කණ්ඩාමේ නායිකාව ලෙස, අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දක්ෂතා පිළිබඳව සෑහීමකට පත් නොවන බවත් , කෙසේ වෙතත්, තරගාවලියේ රිදී පදක්කම දිනාගැනීම පිළිබඳව සතුටට පත්වන බවත් ඇය ප්‍රකාශ කර සිටියාය. මීළඟ තරඟ අවස්ථාවේදී අනිවාර්යයෙන්ම ඉන්දියාව පරාජය කර ජයග්‍රහණය කරා යා යුතු බවත් කණ්ඩායමේ එකම සිහිනය වන්නේ දකුණු ආසියාවේ හොඳම කාන්තා ක්‍රිකට් කණ්ඩායම බවට පත්වීම බවත් ඇය තවදුරටත් ප්‍රකාශ කර සිටියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here