‘විමර්ශනය පොලිසියෙන් ඉවත් කර ළමා ආරක්ෂක අධිකාරියට පවරන්න’– හෘද සාක්ෂියේ ගැහැනු සංවිධානය

0
10

අනුරාධපුර ළමා අපයෝජන සිදුවීමේ විමර්ශනය නිට්ටඹුව පොලිසියෙන් ඉවත් කර ජාතික ළමා ආරක්ෂක අධිකාරියට (NCPA) පවරා දෙන ලෙස  හෘද සාක්ෂියේ ගැහැනු සංවිධානය පවසයි.

විමර්ශන කටයුතු තවදුරටත් නිට්ටඹුව පොලිසිය යටතේ පවත්වාගෙන යන බව පොලිසිය පැවසුව ද මේ වනවිට ගතවන්නේ සාක්ෂි වෙනස් කිරීම, සාක්ෂි වසන් කිරීම සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ අවදානමක් පවතින සංවේදී කාලයක් බව හෘද සාක්ෂියේ ගැහැනු සංවිධානය පෙන්වා දෙයි.

එබැවින්, මෙම විමර්ශනය තවදුරටත් නිට්ටඹුව පොලිසිය යටතේ පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ජනතා විරෝධය ප්‍රකාශ කිරීම අවශ්‍ය බවත්, අපක්ෂපාතී හා විශ්වාසනීය විමර්ශනයක් සඳහා එය ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පවරා දිය යුතු බවත් එම සංවිධානය අවධාරණය කරයි.

“කිසිදු දේශපාලන භේදයකින් තොරව, නිවැරදි පැත්තේ සිටිය හැකි අවස්ථාවක් නම් මෙයයි. ආණ්ඩුව, විපක්ෂය සහ බලවත් සංඝ සංස්ථා එක්ව දූෂකයින් ආරක්ෂා කරන මොහොතක, අදාළ දැරිය වෙනුවෙන් මෙන්ම සියලු දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හඬ නැඟීම මහජනතාවගේ වගකීමක්” බවද හෘද සාක්ෂියේ ගැහැනු සංවිධානය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here