කොළඹ ශ්‍රී ලංකා ටෙනිස් සංගම් (SLTA) පිටියේදී නිමාවට පත් වූ ආසියානු ටෙනිස් සංගම් (ATF) වයස අවුරුදු 16න් පහළ ටෙනිස් තරගාවලියේ බාලිකා කේවල ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ රිසින්දි හේවාවසම් සමත්ව තිබෙනවා.
අවසන් මහා තරගයේදී රිසින්දි විසින්, සිය ප්‍රතිවාදිනිය වූ කියාරා ජයමාන්න වට 2-0ක් (6/1, 6/1) ලෙස පහසුවෙන් පරාජය කරමින් ජයග්‍රහණය හිමිකර ගත්තාය.
තරගාවලියේ දෙවන අදියර හෙට සිට එම පරිශ්‍රයේදීම පැවැත්වීමට නියමිතව ඇත.
වැඩිදුර කියවීම් සඳහා
Daily Mirror
සටහන | කල්පනී ෂමල්කා




