අනුරාධපුර අවන්තිදේවී කාන්තා ළමා නිවාසයේ දැරියන්ට කෘෘරත්වයෙන් සැලකීම සම්බන්ධයෙන් උතුරුමැද පළාත් පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරයෙකු සහ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරිනියක අද (27) අත්අඩංගුවට ගනු ලැබීය.
එම විමර්ශනයේදී අනාවරණ වී තිබුණේ ළමා නිවාසයේ රඳවා සිටි වයස අවුරුදු 17ක දැරියක අරක්කැමි සේවයේ යොදවා කෘෘරත්වයට පත්කර ඇති බවය.
ඒ අනුව උතුරුමැද පළාත් පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරයෙකු සහ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරිනියක අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට නීතිපතිවරයා උපදෙස් ලබා දී තිබුණි.
ඒ අනුව සැකකාර හිටපු කොමසාරිස්වරයා සහ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරිනිය අද පෙරවරුවේ අනුරාධපුර පොලිස් ස්ථානයට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගැනුණි.
ඔවුන් අද පස්වරුවේ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් ලක්ෂ 2ක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අධිකරණය නියම කළේය.
එමෙන්ම ඔවුන් දෙදෙනාට විදෙස් ගමන් තහනමක් පැනවුණි.
නඩුව සැප්තැම්බර් මස 08 වැනිදා යළි කැඳවීමට නියමිතය.
උපුටා ගැනීම adaderana