විශ්වවිද්‍යාල සිසුන් සිදුකරන උද්ඝෝෂණ, අරගල මෙන්ම ශිෂ්‍ය දේශපාලනයට කිසිදු ලෙසකින් බාධාවක් සිදු නොකරන නමුත් ප්‍රචණ්ඩත්වය සහ නවකවධයට කිසිඳු සමාවක් ලබා නොදෙන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
වව්නියාව විශ්වවිද්‍යාලයේ අභිනවයෙන් ඉදි කළ පුස්තකාල ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලය සහ පරිපාලන නිලධාරීන් සහ සිසුන් සමග පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
නව පුස්තකාලය විවෘත කිරීම සංකේතවත් කරමින් සමරුඵලකය නිරාවරණය කළ අග්‍රාමාත්‍යවරිය, නව පුස්තකාල පරිශ්‍රෙය් නිරීක්ෂණ චාරිකාවකට ද එක් විය.
“රජයේ අපේක්ෂාව වන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රෙයේ ප්‍රමාණාත්මක වර්ධනයකට වඩා, ලෝකයට මුහුණ දිය හැකි, ලෝකයත් සමඟ ගනුදෙනු කළ හැකි සිසුන් බිහිකරන ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙන ස්ථාන බවට විශ්ව විද්‍යාල පත් කිරීමයි. විශ්වවිද්‍යාල හුදු පළමු උපාධිය හිමි උපාධිධාරීන් පමණක් බිහි කරන කාර්යයෙන් ඔබ්බට ගොස් පශ්චාත් උපාධි අධ්‍යයනයයන් සහ රටට ලෝකයට වැඩදායී සහ ඵලදායී පර්යේෂණ සිදුකරන ස්ථාන බවට පත්කරගැනීම තමයි රජයේ අපේක්ෂාව, පසුගිය කාලවල අපගේ විශ්වවිද්‍යාල පද්ධතිය ව්‍යාප්ත වුණා. නමුත් එහි ගුණාත්මක භාවයට ප්‍රමාණවත් අවධානයක් යොමු වෙලා නැහැ.
අපගේ විශ්වවිද්‍යාලවලින් පිටවන ශිෂ්‍යයින් විශ්වාසයකින් යුතුව ලෝකයට මුහුණ දීමට සූදානම් බව අප සහතික කළ යුතුයි.
ඉදිරි වසර කිහිපය තුළ, විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ජාත්‍යන්තර මට්ටමේ පවතින බවට සහතික කරමින් පශ්චාත් උපාධි, ගුරු පුහුණු විශ්වවිද්‍යාල බවටත්, පර්යේෂණයේ විශිෂ්ටතා මධ්‍යස්ථාන බවටත් පත්කිරීම අවශ්‍යයි යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය කීවාය.