කාන්තා මීටර් 5000 ඉසව්වේ වසර 4ක් පැරණි ශ්‍රී ලංකා වාර්තා අලුත් කිරීමට කැලණිය විශ්වවිද්‍යාලයේ රසාරා විජේසූරිය සමත් වූවාය.
ජර්මනියේ පැවති ලෝක විශ්වවිද්‍යාල ක්‍රීඩා උලෙළේ අවසන් දිනයවූ ඊයේ මීටර් 5000 අවසන් තරගයට එක්වූ රසාරා මිනිත්තු 15:52.60ක කාලයක් වාර්තා කළ අතර, ක්‍රීඩිකාවන් 13 දෙනකු අතරින් ඇයට හිමි වූයේ 11 වැනි ස්ථානයයි.
රසාරාගේ මේ කාල සමඟ බිඳ වැටුණු 2021 වසරේ ගයන්තිකා අබේරත්න විසින් ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී මිනිත්තු 15:55.84කින් තබා තිබූ ශ්‍රී ලංකා වර්තාය.
කාන්තා මීටර් 10,000 ශ්‍රී ලංකාව වාර්තාව ද රසාරා සතුවී ඇති අතර, මේ ක්‍රීඩා උලෙළේදීම මීට දින කිහිපයකට ඉහතදී එය නැවත අලුත් කිරීමට රසාරා සමත් වූවාය.
මේ අතර කාන්තා තුන්පිම්ම ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ‘බී’ කාණ්ඩයෙන් තරග වැදුණු ඉෂාරා සමන්මලී මීටර් 12.20ක දක්ෂතාවක් දැක්වුවද ඇයට හිමිවූයේ ක්‍රීඩිකාවන් 13 දෙනකු අතරින් 9 වැනි ස්ථානයයි. ඒ හේතුවෙන් ඇයට අවසන් තරග වරම් අහිමිවී ගියාය.
හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක තාරුක නවෝන් අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුවත් එහිදී ඔහුට දැක්විය හැකි වූයේ මීටර් 68.15ක දක්ෂතාවකි. එය අවසන් තරගයට එක්වූ ක්‍රීඩකයන් 12 දෙනා අතරින් වාර්තාවූ අවම දුර ප්‍රමාණය විය. තාරුක අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා සුදුසුකම් ලැබීමේ ‘බී’ කාණ්ඩයේ තරගයේදී මීටර් 74.79ක දක්ෂතාවක් දක්වා තිබිණි.
නිරෝෂාන් ප්‍රියංකර – dinamina.lk