දකුණු ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුකාර Frances Adamson AC සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් පසුගියදා (ජුනි 22) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය.
ආණ්ඩුකාරවරිය පිළිගනිමින්, අග්‍රාමාත්‍යවරිය ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර, විශේෂයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ, දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාවය පිළිබඳව විශේෂයෙන් සිහිපත් කළාය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, වෘත්තීය පුහුණුව සහ ආයතනික හවුල්කාරිත්වය මෙන්ම ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.
මෑත කාලීන ආර්ථික හා දේශපාලන අභියෝග හමුවේ ජනතාවගේ ක්ෂණික අවශ්‍යතා සපුරාලන ක්‍රියාමාර්ග කෙරෙහි රජයේ ප්‍රමුඛතාවය ලබාදී ඇති ආකාරය පිළිබඳව අග්‍රාමාත්‍යවරිය නියෝජිත පිරිසට පැහැදිලි කළාය.
උසස් අධ්‍යාපන ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීම සහ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන නියාමනය කිරීම, වෘත්තීය අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණ ඇතුළු අඛණ්ඩ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ඇය මෙහිදී විස්තර කළාය.
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් සහ ජ්‍යෙෂ්ඨ ඕස්ට්‍රේලියානු නිලධාරීන් පිරිසක්ද මෙම රැස්වීමට එක්ව සිටියහ.
ශ්‍රී ලංකා දූත පිරිසට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, අධ්‍යාපන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියානු අංශයේ අධ්‍යක්ෂ උදානි ගුණවර්ධන යන පිරිස එක්ව සිටියහ.
(සටහන | ජේ. මුණසිංහ)




