ජනරජ දිනය සහ සිරිමාවෝ ගේ ජන්ම දිනය නිමිත්තෙන් අද (22) දේශීය වෛද්‍ය සායනයක් සහ ජ්‍යෝතිෂ කඳවුරක් නොමිලේ

0
26

ජනරජ දිනය සහ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිණියගේ 109 වන ජන්ම දිනය නිමිති කරගෙන නොමිලේ  පැවැත්වෙන දේශීය වෛද්‍ය සායනයක්

සහ ජ්‍යෝතිෂ කඳවුරක් අද (22 බ්‍රහස්පතින්දා ) උදෑසන 9.00 සිට හවස 3.00 දක්වා ප්‍රවීණ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ ද, ඉන්දික තොටවත්ත ඇතුළු  ප්‍රවීණ ජ්‍යෝතිෂවේදීන්ගේ ද සහභාගිත්වයෙන් හොරගොල්ල බණ්ඩාරනායක අනුස්මරණ පුස්තකාලය සහ සංස්කෘතික මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පැවැත්වේ.

ඒ සඳහා උනන්දුවක් දක්වන ඔබ සියලු දෙනාට උදෙන් ම පැමිණ එම සේවාවන් ලබාගන්නා ලෙස සංවිධායකයින් ආරාධනා කර සිටියි.

CBK පදනමේ සංවිධායකත්වයෙන් පැවැත්වෙන මෙම වැඩ සටහන සඳහා ප්‍රචාරණ සහයෝගය ලබාදී ඇත්තේ අත්තනගල්ල ප්‍රාදේශීය සංස්කෘතික බලමණ්ඩලය යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here