ජනප්‍රිය ‘වුල්ෆන්ඩාල් ස්ට්‍රීට්’ කෘතිය රචනා කළ ලේඛිකාව වන නදී වාසලමුදලිආරච්චිගේ ප්‍රථම වෘතාන්ත චිත්‍රපටය වන ‘Pantrum’ පසුගියදා කේරළයේ කැලිකට් හීදී පැවති 7 වන ‘Independent Experimental Film Festival’ හි ලෝක සිනමා (තරගකාරී නොවන) අංශය සඳහා ජූරිය විසින් තෝරා ගෙන තිබිණ.
ඒ අනුව චිත්‍රපට උළෙලේ සමාරම්භක දිනයේදී ‘Pantrum’ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම සිදුවිය.

මීට අමතරව ඉතාලිය, ඇමරිකා එක්සත් ජනපදය, කොරියාව, ආර්මේනියාව සහ (තුර්කිය/ඉරානය) යන රටවල් 7 ක චිත්‍රපට හයක් මේ සඳහා තේරී පත්ව තිබිණ.
ලේඛිකාවක්, චිත්‍රපට නිෂ්පාදකවරියක් මෙන්ම සමාජ ක්‍රියාකාරිනියක් ලෙස ද බොහෝ කාර්‍යභරයක් ඉටු කරන නදී වාසලමුදලිආරච්චි විසින් තිර රචනය මෙන්ම අධ්‍යක්ෂණයද කරනු ලැබූ මෙම චිත්‍රපටය මගින් ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද වාතාවරණය පිළිබඳව විමසා බැලේ.


එහිදී පරම්පරාගත කම්පනය (generational trauma), ළමා සොල්දාදුවන් (child soldiers), Post-traumatic stress disorder (PTSD), සංහිඳියාව වැනි මාතෘකා පිළිබඳව ගවේශනය කරන අතර සමකාලීන යථාර්ථයන්ට මුහුණ දෙමින් වසර 2500 කරා විහිදෙන අඛ්‍යානයක් දිග හැරේ.