කේට් කුමරියට 43 ක්

    0
    28

    වේල්ස් කුමරිය හෙවත් කේට් මිඩ්ල්ටන්ට දැන් 43 ක්.

    ඇගේ 43 වැනි උපන්දිනය යෙදිලා තිබුණෙ (ජනවාරි 9) දිනයට.

    උපන්දිනය දා ඈ වෙනුවෙන් තබන ලද සුබපැතුම් අතර, වඩාත් ආදරණීයම සුබපැතුම ලැබිලා තිබුණෙ කවදත් වගේ විලියම් කුමරුගෙන්.

    ඔහු ඇය වෙනුවෙන් නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුම වෙත ආදරණීය සටහනක් එක්කාසු කර තිබුණා.

    එහි ඇයව ආමන්ත්‍රණය කරලා තිබුණෙ, ‘වඩාත්ම ඇදහිය නොහැකි බිරිඳ සහ මව’ මැයෙන්…

    ”පසුගිය වසර පුරා ඔබ පෙන්වූ ශක්තිය විශිෂ්ටයි.
    ජෝර්ජ්, චාලට්, ලුවී සහ මම ඔබ ගැන ගොඩක් ආඩම්බර වෙනවා.
    සුභ උපන්දිනයක්, කැතරින්. අපි ඔබට ආදරෙයි…”

    ඒත් සමඟම කේට් කුමරියගේ කළු – සුදු සේයා රුවක් ද ඊට අමුණා ඇති අන්දම දක්නට ලැබුණා. එය පසුගිය ගිම්හානයේදී වින්ඩ්සර් හිදී ගන්නා ලද සේයා රුවක්.

    ගෙවුණු වසර රජ පවුලටම එතරම් යහපත් වසරක් නොවුණේ, රජු සේ ම කේට් කුමරියත් පිළිකා තත්ත්වයකින් පෙළෙන බව අනාවරණය වීමත් එක්ක.

    ගෙවුණු වසරේ (2024) ජනවාරි මාසයේදී ඇය උදර සැත්කමකට මුහුණ දුන්නා. මාර්තු මාසයේදී ඇය හෙළි නොකළ පිළිකාවක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටින බවයි නිවේදනය කළේ. පසුව සැප්තැම්බර් මාසයේදී, ඇය රසායනික චිකිත්සක ප්‍රතිකාරය සම්පූර්ණ කළ බව දන්වා සිටියා.

    ඒත් සමඟම ඇය යළි රාජකීය කටයුතු සඳහා යොමුව ඇති බවයි දක්නට ලැබුණේ. කුමරිය සිය සෞඛ්‍යය තත්ත්වය ගැන සැලකිලිමත් වුණු ගෙවුණු වසරේ, බොහෝ සෙයින් මහජන අවධානයෙනුත් දුරස්වයි උන්නෙ.

    උපුටා ගැනීම monara

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here