සජබ සහ එජාප සංධානගත වේ නම් එහි නායකත්වය සජිත් ප්‍රේමදාස දැරිය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අද මාධ්‍ය සාකච්ජාවක් කැඳවමින් ප්‍රකාශ කර තිබෙනවා .
රනිල් වික්‍රමසිංහ එහි උපදේශක තනතුරක සිටිය යුතු යැයිද ඇය කියා සිටියා .
තවද ටෙලිෆෝනය ලකුණෙන් සංධානය ඉදිරියට යා යුතු බවයි ඇය අවධාරණය කළේ .
පාර්ලිමේන්තුවේ වැඩිම ආසන 40 ක් සහිත ප්‍රධාන විපක්ෂය ලෙස සිටින්නේ සමගි ජන බලවේගය බවත් , එජාප නියෝජනය කරමින් ඉන්නේ එක මන්ත්‍රීවරයෙකු බවත් සදහන් කල ඇය එයද සිලින්ඩරය නියෝජනය කරමින් බවයි සඳහන් කළේ .
මේ අවස්ථාවේදී තම පක්ෂය සමඟ එකතු වීම එජාපයට වඩා වාසි සහගත බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.