Mrs. Sri Lanka World 2026 අවසන් මහා තරගයේදී තරග අංක 12 යටතේ තරග වැදුණු හෙද නිලධාරිනී නිෂාදි ඒකනායක ජයග්රාහී කිරුළ හිමිකර ගැනීමට සමත් වී තිබේ.
වෘත්තීයමය හෙද නිලධාරිනියක ලෙස කටයුතු කරන ඇය, තම වෘත්තීය ජීවිතයෙන් ඔබ්බට ගනිමින් ලබාගත් මෙම ජයග්රහණයත් සමඟ ඉදිරියේදී පැවැත්වෙන අන්තර්ජාතික Mrs. World 2026 තරගාවලිය සඳහා ශ්රී ලංකාව නියෝජනය කිරීමට නියමිතය. ඇයගේ මෙම ජයග්රහණය වෙනුවෙන් මේ වන විටත් බොහෝ දෙනෙකුගෙන් සුබපැතුම් හිමිවී ඇති අතර, අන්තර්ජාතික වේදිකාවේදී ශ්රී ලංකා නාමය ඉදිරියට ගෙන යමින් ඇය සාර්ථකත්වයක් අත්කර ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සටහන | කල්පනී ෂමල්කා
මූලාශ්රය Adaderana.lk




