ගීතයක සැඟවුණු දෛවෝපගත ඉරණම

0
11

සංගීතය කියන්නේ ඇතැම් වෙලාවට අනාවැකියක් වගේ දෙයක්. ඒ බව සනාථ කරන ඉතාමත් සංවේදී කතාවක් තමයි ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය සුජාතා අත්තනායකයන් ගායනා කරන යුද්ධ බිමේ අවි ගැටෙනා ගීතය පිටුපස තිබෙන්නේ. 

ඇය මේ ගීතය ගායනා කරන කාලයේ ඇගේ ආදරණීය පුතණුවන් වන චානක සංජීව අත්තනායක තවමත් කුඩා පාසල් ශිෂ්‍යයෙක්. එදා මව්ගුණ ගයන ගීතයක් සේ ඇය ගැයූ ඒ පද පේළි, දශක කිහිපයකට පසු තමන්ගේම ජීවිතයේ යථාර්ථයක් වේවි යැයි ඇය සිහිනයකින්වත් නොසිතන්නට ඇති.

දෛවෝපගත සිදුවීම නම්, ඇගේ ස්වාමිපුරුෂයා වන ප්‍රවීණ සංගීතවේදී නවරත්න අත්තනායකයන් විසින් සංගීතවත් කළ මෙම ගීතයේ අරුත සැබෑ කරමින්, ඔවුන්ගේ පුතණුවන් රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවෙකු බවට පත්වීමයි.

පුතු ඔබ මව් ලොවක් වන් පන ලෙස ම රකිතියි… ගෙණෙනා රුහිරෙන් පුතු මව් බඩවැල් මතු වූ මතු රැකුමට ඇප කළ බව මට සිහිනය සිහිවෙයි…

රට වෙනුවෙන් පුතෙකු දන් දුන් ඒ උත්තරීතර මවටත්, අප වෙනුවෙන් දිවි දුන් ඒ වීර පුතණුවන්ටත් අපගේ ප්‍රණාමය! 

ගායනය – ආචාර්ය සුජාතා අත්තනායක

සංගීතය -නවරත්න අත්තනායක

ගී පද -ආචාර්ය අජන්තා රණසිංහ

උපුටා ගැනීම ටෙලි ලන්තය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here