ප්‍රවීන රංගවේදිනී අයිරාංගනී සේරසිංහ “නාට්‍ය කීර්ති සම්මානයෙන්” පිදෙයි

0
121

2024 රාජ්‍ය නාට්‍ය උළෙලට සමගාමීව ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන ‘නාට්‍ය කීර්ති සම්මානය’ ප්‍රවීන රංගවේදිනී අයිරාංගනී සේරසිංහ වෙත පුදකරයි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි විසින් එම සම්මානය ඇය පදිංචිව සිටින නිවසටම ගොස් ලබා දීම විශේෂත්වයකි.

ශ්‍රී ලාංකේය නාට්‍ය වංශයේ පුරෝගාමී රංගන ශිල්පිනියක ලෙස, ඉංග්‍රීසි නාට්‍ය කලාව වෙනුවෙන් කැපවී ක්‍රියා කරමින් සිංහල සහ ඉංග්‍රීසි වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා කළ උත්තුංග සේවාව අගයමින්, ප්‍රවීන රංගවේදිනී අයිරාංගනී සේරසිංහ වෙත ‘නාට්‍ය කීර්ති සම්මානය’ පිරිනැමීමට කටයුතු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here