විනාඩි කිහිපයකින් ස්මාර්ට් විදිහට ලස්සනට සූදානම් වෙමු.

0
6

උදෑසන වැඩට හෝ රැකියාවට යන්න සූදානම් වෙනකොට කණ්ණාඩි ඉස්සරහ ගත කරන විනාඩි කිහිපය සමහර දවස්වල පුංචි අරගලයක් වගේ. හිසකෙස් අවුල් වීම, මේකප් කරගන්න යාමෙන් වෙලාව නාස්ති වීම වගේ දේවල් නිසා “අද නම් මට ලෑස්ති වෙන්න වෙලාවක් නැහැ” කියලා හිතෙන දවස් ඕන තරම් තියෙනවා.

හැබැයි, ලස්සනට සහ පිළිවෙළට සූදානම් වෙන්න හැමදාම වැඩි වෙලාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ ළඟ තියෙන රූපලාවණ්‍ය භාණ්ඩ ටිකම ටිකක් ස්මාර්ට් විදිහට පාවිච්චි කළාම දෛනික රූපලාවණ්‍ය කටයුතු ගොඩක් පහසු කරගන්න පුළුවන්. කාර්යබහුල උදයකට කාලය ඉතිරි කරගන්න උදව් වන සුපිරි උපක්‍රම කිහිපයක් ගැනයි අද සාකච්ඡාව.

ඇහිබැමි ලස්සනට හැඩ කරගන්න

ඇහිබැමි දෙක එක සමානව තියාගන්න අමාරු දවසක, කුඩා කාඩ්පතක දාරයක් ඇහිබැම යටින් තබාගෙන, රෝම යන දිශාවට වර්ණය යෙදීමෙන් ඉක්මනින්ම පැහැදිලි හැඩයක් ලබාගත හැකියි. ඊටපස්සේ බ්‍රෂ් එකකින් රෝම ඉහළට පීරීමෙන් ස්වාභාවික පෙනුමක් ගන්න පුළුවන්.

අයිෂැඩෝ ගැල්වීම

අයිලෑෂ් කරලරයක (Eyelash curler) හැඩය ඇසට හරියටම ගැළපෙන නිසා, අයිෂැඩෝ යෙදීමේදී මඟ පෙන්වීමක් ලෙස එය භාවිත කරන්න පුළුවන්.

හිස් වුණා කියලා හිතන බෝතල්වලින් උපරිම ප්‍රයෝජන ගන්න.

ලිප් ග්ලොස් වගේ බෝතලයක් හිස් වෙලා වගේ පෙනුනත්, එහි ඉහළ කොටසේ ඇති කුඩා වළල්ලක් හෝ අවහිරකය ඉවත් කළාම ඇතුළත ඉතිරි වී ඇති නිෂ්පාදනය බුරුසුවකින් පහසුවෙන් ලබාගත හැකියි.

හිසකෙස් අවුල් වී ඇති විට හෙයාර් ස්ප්‍රේ ළඟ නැත්නම්, අතේ තිබෙන අත් ක්‍රීම් (Hand cream) ස්වල්පයක් අතගාගෙන හිසකෙස් මත මෘදු ලෙස ගෑමෙන් එම කුඩා රෝම තැනක රඳවාගන්න පුළුවන්.

  • රැලි සහිත හිසකෙස් ඇති අය තෙත හිසකෙස් තුවායකින් තදින් අතුල්ලනවා වෙනුවට කපු ටී-ෂර්ට් එකකින් මෘදු ලෙස තෙතමනය ඉවත් කිරීමෙන් හිසකෙස් අවුල් වීම වළකාගත හැකියි.
  • සම රැකගැනීම සහ නිය ආලේපන පරිස්සම් කරගන්නේ කොහොමද?
  • කාර්යබහුල දවසක මේකප් ඉවත් කරගන්න මයිසෙලර් වතුර (Micellar water) භාවිත කිරීම ඉක්මන් සහ එක පියවරකින් කළ හැකි පහසු ක්‍රමයක්.
  • නිය ආලේපන (Nail polish) ගාන්න කලින් නිය වටා සමට පාට ගැවෙන එක නවත්තන්න පෙට්‍රෝලියම් ජෙලි ස්වල්පයක් ආලේප කරගන්න. පසුව එය පහසුවෙන් පිස දමා ඉවත් කරන්න පුළුවන්.
  • නිය ආලේපනයක පුංචි කොටසක් ගැලවී ගිය විට සම්පූර්ණයෙන්ම අලුතින් ගාන්න යන්න අවශ්‍ය නැහැ. එම ස්ථානය මත දිලිසෙන නිය ආලේපනයක් (Clear polish) ඉක්මනින් ගෑවීමෙන් අඩුපාඩුව වසාගෙන අලුත් පෙනුමක් ලබාගන්න පුළුවන්.

රූපලාවණ්‍යය කියන්නේ හැමවිටම වැඩි නිෂ්පාදන ප්‍රමාණයක් හෝ වැඩි වෙලාවක් වැය කිරීමම නොවේ. තමන් සතුව ඇති දේවල් නිවැරදිව සහ කාර්යක්ෂමව භාවිත කිරීමෙන් කාර්යබහුල උදයක වුණත් ඉතා ලස්සනට සහ අලංකාරව සූදානම් වෙන්න ඔබටත් පුළුවන්!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here