මෙවර ‘mirror arts’ කතා බහ සමගින් එක් උනේ රංගන ශිල්පිනී ඩිලානි අබේවර්ධනයි.
බොරදිය පොකුණ ‘ජුරිය මමයි’, ‘සුජාතා’,’ චාන්දනී’, ‘දඬුවම’, ‘වැලි සුළඟ’, ‘බොරදිය පොකුණ’, ‘පිස්සු පූසෝ’.. වැනි ඇගේ ජනප්‍රිය චිත්‍රපට මෙන්ම ‘චරිත තුනක්’, ‘සකිසඳ එළියස්’, ‘සබඳ පබිලිස්’.. වැනි ටෙලි නිර්මාණ වල ඇගේ රංගනයන්ද අදටත් බොහෝ දෙනාට හොඳින් මතකයේ ඇතිවාට සැක නෑ.
කෙසේ වෙතත් සිය ජනප්‍රියත්වයේ උපරිම තලයේදී ඇය රංගනයට විරාමයක් දෙන්නට තීරණය කරන්නේ සිය පවුල වෙනුවෙන් කැපවෙමින්.
මේ සමගින් ඇය විදෙස් රටක පදිංචියට ගියත්, ලංකාවට පැමිණි අවස්ථාවල වගේම ඇතැම්විට ඇගේ ඡායාරූපක් මාධ්‍යයේ පළ වූ විට පවා ඒවාට ලැබෙන ඉහළ රසික ප්‍රතිචාරවලින් පැහැදිළි උනේ ඇගේ ජනප්‍රියත්වය එසේම පවතින බවයි.

මේ අතර පසුගිය වසරේ (2025) ඇය උදයකාන්ත වර්ණසූරියගේ නවතම සිනමා නිර්මාණය වන “මේඝ වර්ෂා” චිත්‍රපටයේ චරිතයකට රංගනයෙන් දායක වීම සදහා ලංකාවට පැමිණියා.
ඉතින්, වසර 23 කට පසු ඇය රංගනයෙන් දායක වූ මේ නිර්මාණයෙන් පස්සේ පසුගිය මාස කිහිපයේම ඇය ලංකාවේ රැදී සිටිමින් කලා නිර්මාණ කිහිපයකටම සිය දායකත්වය ලබා දුන්නා. එම නිර්මාණත් ඉදිරි කාලයේදී ප්‍රේක්ෂකයන්ට නරඹන්නත් අවස්ථාව ලැබේවි.
ඉතින්, මේ රංගන ශිල්පිනී ඩිලානි අබේවර්ධනගේ රංගන දිවියේ යළි ආරම්භයද?
මේ ගැන වගේම ඩිලානි අබේවර්ධනගේ දිවි ගමනේ බොහෝ අත්දැකීම් ගැන ඇය මෙවර ‘mirror arts’ කතා බහේදී අදහස් බෙදා හදා ගත්තා.

ඇය කියපු විදිහට රංගන ශිල්පිනියක් ලෙස ජනප්‍රියත්වයෙන් ඉහළින්ම පසුවෙමින් සමාජයේ ආදරය ගෞරවය ලබමින් සිට, පසුව ඒ සියල්ලටම සමු දී වෙනත් රටකදී එම අනන්‍යතාවයන් නොමැතිව ජීවිතය ආරම්භ කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නෙමේ.
ඒවගේම මෙම කැපකිරීම් හරහා ඇය ජීවිතය පිළිබඳව ලබා ගත් ජීවිතාවබෝධයත් හරිම ඉහළයි.
ජීවිතයේ කැපකිරීම් කරනා අකාරය පිළිබඳව, ශක්තිමත්ව ජීවිතයට මුහුණ දෙන ආකාරය පිළිබඳව ඇගේ කතාව තුළින් ඕනෑම කෙනෙකුට ඉගෙන ගත හැකි දෑ බොහෝමයි.
ඉතින්, රංගන ශිල්පිනී ඩිලානි අබේවර්ධන සහභාගී වූ සම්පූර්ණ කතා බහ දැන් ඔබට ‘mirror arts’ යූ ටියුබ් නලිකාව ඔස්සේ නරඹන්න පුළුවන්.
කතාබහ මෙහෙයවූයේ මනෝහාරී හේවාවසම් විසින්.
වීඩියෝව නරඹන්න පහළින්





