මේකප් කිරීම යනු මුහුණේ ස්වාභාවික පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් කිරීම හෝ කෘතිම ආවරණයක් පැළඳීම නොවේ; එයින් සිදුවන්නේ අපගේ මුහුණේ ඇති ස්වාභාවික සුන්දරත්වය තව තවත් කැපී පෙනෙන ලෙස ඔප්නංවා ගැනීමයි. විශේෂයෙන්ම දිනපතා රැකියාවට යන, එදිනෙදා විවිධ කාර්යයන්හි නිරත වන නූතන කාන්තාවකට සංකීර්ණ රූපලාවණ්ය සත්තකාර වෙනුවට සරල මෙන්ම ප්රායෝගික රූපලාවණ්ය පුරුදු අනුගමනය කිරීමෙන් ස්වාභාවික මෙන්ම ආකර්ෂණීය පෙනුමක් ඉතා පහසුවෙන් පවත්වා ගත හැකියි.
හමට ගැළපෙන නිවැරදි සෙවණැල්ල තෝරාගනිමු

අපේ රටේ බොහෝ දෙනෙකුට තියෙන්නේ තලෙලු හෝ දුඹුරු පැහැයට හුරු හමකි. එම නිසා අන් අය කරන පළියට හෝ සමාජ මාධ්ය රැල්ලට ගොස් මුහුණට නොගැළපෙන මේකප් තෝරාගැනීමෙන් වෙස්මුහුණක් දැමූ ස්වරූපයක් ලැබිය හැකිය.
ෆේස් පවුඩර් හෝ ෆවුන්ඩේෂන් මිලදී ගැනීමේදී එය අතේ ගා බලනවාට වඩා මුහුණේ ගා පරීක්ෂා කිරීම වඩාත් සුදුසුය. අපේ හමේ පැහැයට ගැළපෙන Earth colors (දුඹුරු, තඹ හෝ ලා රෝස පැහැයන්) තෝරාගැනීමෙන් කෘතිම නැති, ස්වාභාවික පෙනුමක් ලබාගත හැක.
දිනපතා ගමනට සරල සහ චාම් පෙනුමක්

කාර්යාලයට හෝ එදිනෙදා ගමනකට යන විට තදින් මේකප් කිරීම සුදුසු නැත. එවැනි ගමනකට චාම් හා පිරිසිදු පෙනුමක් ලබාගැනීම ප්රමාණවත්ය.
පළමුව සන්ස්ක්රීන් එකක් ගා, ඊට උඩින් ෆේස් පවුඩර් ස්වල්පයක් තැවරීමෙන් දවස පුරා නැවුම් බවක් පවත්වා ගත හැක. විශේෂ උත්සවයකට යන විට පමණක් ෆවුන්ඩේෂන් භාවිතා කර තව ටිකක් කැපී පෙනෙන ලෙස මේකප් කිරීමට මතක තබාගන්න.
මේකප්වලින් හමට ලැබෙන ආරක්ෂාව

මේකප් කිරීමෙන් ලස්සන වෙනවා වගේම එයින් අපේ හමට ආරක්ෂාවකුත් ලැබෙනවා. අපි සන්ස්ක්රීන් එකක් සහ පවුඩර් තට්ටුවක් තැවරූ විට, පරිසරයේ තියෙන කුණු, දූවිලි සහ බැක්ටීරියා කෙළින්ම අපේ හම ඇතුළට යාම වැළකෙනවා.මෙමගින් කාලයක් යද්දී හමේ ඇතිවිය හැකි ආසාදන හා අහිතකර බලපෑම් අවම වේ. දවල් කාලයේදී දාඩිය නිසා මේකප් එක පලුදු වුවහොත්, නැවත පවුඩර් ස්වල්පයක් තවරා පෙනුම රැකගත හැක.
ඇස් සහ දෙතොල් ලස්සන කරන අවසාන නිමාව

මුහුණට ක්ෂණික දීප්තියක් ලබාදීමට ඇස් සහ දෙතොල් සෑදීම ඉතා වැදගත්ය. මස්කාරා ස්වල්පයක් තැවරීමෙන් ඇස් පිහාටු දිගුව පෙනෙන අතර ඇසට ලොකු ආකර්ෂණයක් ලැබේ.එමෙන්ම, සැහැල්ලු, අයිලයින් පාරක්, කම්මුල්වලට සුළු බ්ලෂර් එකක් සහ තොල්වල වියළි බව නැති කරගැනීමට ලිප් බාම් එකක් සමඟ ගැළපෙන ලිප්ස්ටික් එකක් භාවිත කරන්න. අධික ලෙස තදින් ඇහිබැමි ඇඳීමෙන් වළකින්න.
අන්තර්ජාතික සහතික
ලත් පෞරුෂත්ව
සංවර්ධන
ප්රවීණ උපදේශිකා
Faith Landers
සටහන |චතු වීරසිංහ
උපුටාගැනීම
Navaliya.lk




