සෞදි අරාබියට ගිය අඹන්පොළ නිලූකා රාජපක්ෂ අවුරුදු 14ක් තිස්සේ අතුරුදහන්-තොරතුරක් සොයා පවුලේ අය සහය පතයි

0
21

මෙලෙස අතුරුදහන් වී ඇත්තේ අම්බන්පොල, සේරුගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන නිලූකා රාජපක්ෂ නමැති කාන්තාවකි. ලබාගෙන ඇති ලේඛන සහ තොරතුරුවලට අනුව ඇය විදේශ රැකියාව සඳහා සෞදි අරාබිය බලා පිටත්ව ගොස් ඇත්තේ 2012 අප්‍රේල් මස 10 වන දින ය.

කෙසේ වෙතත්, ඇය දිවයිනෙන් පිටත්ව ගිය දින සිට මේ දක්වා ගතවූ වසර 14ක කාලය තුළ ඇය සිටින ස්ථානයක් හෝ ඇයට සිදු වූ දෙයක් පිළිබඳව කිසිදු තොරතුරක් ලබා ගැනීමට ඇගේ පවුලේ නෑදෑයින්ට හැකි වී නොමැත.

මෙම අතුරුදහන් වීම සම්බන්ධයෙන් ඇගේ පවුලේ නිවැසියන් විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත අවස්ථා කිහිපයකදී පැමිණිලි ඉදිරිපත් කර තිබේ. ඒ අනුව, අදාළ පැමිණිල්ල CD/183/2208 යන ලියාපදිංචි අංකය යටතේ 2022 අගෝස්තු 17 වන දින විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි කර ඇති බව වාර්තා වේ.

එම පැමිණිල්ලට අදාළව විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් 2023 සහ 2024 වර්ෂයන්හිදී ලිපි නිකුත් කර ඇති අතර, 2025 වසරේදී මේ පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලය ද දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි.

එසේ වුවද, පසුගිය වසර 14 පුරා අතුරුදහන්ව සිටින නිලූකා රාජපක්ෂ පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.

ඇය සිටින ස්ථානයක් හෝ ඇයට සිදුවූ දෙයක් පිළිබඳව යම් තොරතුරක් සොයා ගැනීමට උපකාර කරන ලෙස ඇගේ පවුලේ ඥාතීන් බලධාරීන්ගෙන් මෙන්ම ජනතාවගෙන් ද ඉල්ලා සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here