සාලියවැවේ නිවසක් තුළ කාන්තාවක් ඝාතනය කෙරේ – සැමියා කෙරෙහි සැකය

0
3

සාලියවැව, කුඹුක්කල්ල ප්‍රදේශයේ නිවසක් තුළ තිබී 32 හැවිරිදි කාන්තාවකගේ මෘත ශරීරයක් ඊයේ (03) සවස සොයාගත් බවත්, ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බවත් පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කුඹුක්කල්ල ප්‍රදේශයේම පදිංචිව සිටි තරුණ කාන්තාවකි.

පවුලේ ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පසුව මෙම කාන්තාව ඇයගේ සැමියා විසින් ඝාතනය කරන්නට ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී සැක පළ වී තිබේ. සිද්ධියෙන් පසුව සැකකාර සැමියා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව, මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා සිරුර මේ වන විට පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.

පලාගිය සැකකරු සොයා අත්අඩංගුවට ගැනීම සඳහා සාලියවැව පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here