ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ කාන්තා නියෝජනය ඉහළ යාම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, එය අර්ථවත් සහභාගීත්වයක්, දේශපාලනික බලපෑමක් සහ සැබෑ නායකත්වයක් බවට පරිවර්තනය කිරීම ඉදිරියේ ඇති ප්‍රධානතම අභියෝගය බවත් එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය (UN Women) පෙන්වා දෙයි.
මෙම අදහස් පළ කර සිටියේ පළාත් පාලන ආයතන තුළ කාන්තාවන් සඳහා පැවැති සියයට 25 ක කෝටා ක්රමයේ අත්දැකීම් සහ පාඩම් විශ්ලේෂණය කරමින් එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය විසින් නිකුත් කරන ලද ‘Beyond Numbers’ නමැති අලුත්ම වාර්තාව එළිදක්වමිනි.
ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානයේ ප්‍රධානී රමායා සල්ගාදු සඳහන් කළේ, පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය සියයට 2 සිට සියයට 23 දක්වා ඉහළ නැංවීමට මෙම ක්‍රමය සමත් වූ බවයි. කෙසේ වෙතත්, දේශපාලනයට පිවිසි කාන්තාවන්ගේ අත්දැකීම් දෙස බැලීමේදී, ඔවුන් තවමත් දේශපාලන පක්ෂ අභ්‍යන්තරයේ පවතින බාධා, මැතිවරණ ව්‍යාපාර සඳහා ප්‍රමාණවත් මුදල් හා සබඳතා නොමැතිකම, හිංසනයන්, තර්ජන මෙන්ම කාන්තා නායකත්වය පිළිබඳ සමාජයේ පවතින සෘණාත්මක ආකල්ප හමුවේ නොයෙකුත් අභියෝගයන්ට මුහුණ දෙන බව ඇය පැහැදිලි කළාය.
පළාත් සභා සහ පාර්ලිමේන්තු මට්ටමින් ඉදිරියේදී සිදුවන දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා මෙම අත්දැකීම් ඉතා වැදගත් වන බවත්; සුළුජාතික, ආබාධිත, තරුණ, ග්‍රාමීය සහ යුද්ධයෙන් පීඩාවට පත් කාන්තාවන්ද ඇතුළත් වන පරිදි වඩාත් සක්‍රීය දේශපාලන පරිසරයක් නිර්මාණය කළ යුතු බවත් මෙම වාර්තාව මගින් අවධාරණය කර ඇත.
මූලාශ්‍රය
Adaderana.lk




