ඩුබායිහි පැවැත්වෙන Fazza World Para Athletics Grand Prix තරගාවලියේ T46/47 කාන්තා මීටර 100 අවසන් තරගයෙන් ප්රථම ස්ථානය දිනා ගැනීමට ශ්රී ලංකා නැගී එන පැරා මලල ක්රීඩිකා ජනනි ධනංජනා සමත්ව තිබේ.
ලෝකයේ ප්රමුඛ පෙළේ දක්ෂතා අතර වන ප්රබල ක්රීඩිකාවන් පිරිසක් සමඟ තරග වැදුණු ඇය, තරගය නිමා කිරීම සඳහා තත්පර 12.88 ක විශිෂ්ට කාලයක් වාර්තා කරමින් මෙම ජයග්රහණය අත්කර ගත් අතර, එය මෙම තරගාවලියේදී ශ්රී ලංකාව ලැබූ පළමු ජයග්රහණය ද වේ.
මීට පෙර පැරිස් 2024 පැරාලිම්පික් ක්රීඩා උළෙලේද ශ්රී ලංකාව නියෝජනය කළ ජනනි, අන්තර්ජාතික මට්ටමින් අඛණ්ඩව ඉහළ දස්කම් දැක්වූ ක්රීඩිකාවකි. පසුගිය වසරේ පැවති ඩුබායි ග්රෑන්ඩ් ප්රී තරගාවලියේදී මීටර 100 සහ 200 ඉසව්වලින් දෙවන ස්ථානයත්, දුර පැනීමේ ඉසව්වෙන් පළමු ස්ථානයත් දිනා ගනිමින් ඇය සිය දක්ෂතා මනාව ඔප්පු කර පෙන්වා ඇත.
මෙවර ෆැසා ග්රෑන්ඩ් ප්රී තරගාවලිය සඳහා ශ්රී ලංකාව නියෝජනය කරමින් ක්රීඩකයින් තිදෙනෙකු සහ ක්රීඩිකාවකගෙන් සමන්විත කුඩා කණ්ඩායමක් සහභාගී වී සිටී.
සටහන | කල්පනී ෂමල්කා
මූලාශ්රය Dailymirror.lk




