ඈන් කාසන් මෙවර නොබෙල් සාහිත්‍ය ත්‍යාගයෙන් පිදුම් ලබයි!

0
36

ලෝක සාහිත්‍ය ක්ෂේත්‍රයේ ඉහළම සහ ගෞරවනීය සම්මානය ලෙස සැලකෙන සාහිත්‍යය සඳහා වන නොබෙල් ත්‍යාගය මෙවර දිනාගැනීමට ප්‍රකට කැනේඩියානු කිවිඳියක, නිබන්ධන රචිකාවක සහ පරිවර්තිකාවක් වන ඈන් කාසන් සමත්ව සිටින්නීය.

76 හැවිරිදි වියෙහි පසුවන කාර්සන්, කාව්‍ය, ප්‍රබන්ධ සහ ශාස්ත්‍රීය අධ්‍යයනයන් අතර පැවති සාම්ප්‍රදායික සීමා මායිම් ඉක්මවා යමින් සිදුකළ අසමසම නිර්මාණකරණය උදෙසා මෙසේ ඇගයීමට ලක්ව තිබේ. සම්භාව්‍ය සාහිත්‍ය සම්ප්‍රදායන් ඇසුරු කරගනිමින් සමකාලීන සාහිත්‍යයට නව ආකෘති සහ මානයන් හඳුන්වා දීමට ඇය දැක්වූ නිර්භීත මෙන්ම නිර්මාණශීලී සමස්ත සාහිත්‍ය මෙහෙවර අගයමින් මෙම සම්මානය පිරිනමන බව නොබෙල් ත්‍යාග කමිටුව නිවේදනය කළේය.

වසර 30කට අධික කාලයක් සම්භාව්‍ය සාහිත්‍යය පිළිබඳ මහාචාර්යවරියක ලෙස කටයුතු කර ඇති ඇය, මුල් කාලීන ග්‍රීක සාහිත්‍ය නිර්මාණ රැසක් ද නූතන පාඨකයා වෙත පරිවර්තනය කරමින් අතිවිශාල මෙහෙවරක් ඉටුකර ඇත.

මෙම ජයග්‍රහණය වෙනුවෙන් ඇයට ස්වීඩන් ක්‍රෝනර් මිලියන 12ක (ඇමරිකානු ඩොලර් මිලියන 1.2කට ආසන්න) මුදල් ත්‍යාගයක් හිමිවන අතර, නොබෙල් පුවත ප්‍රකාශයට පත් කිරීමට මඳ වේලාවකට පෙර ස්වීඩන් ඇකඩමියේ ස්ථිර ලේකම් ඉන්ග්‍රිඩ් කාල්බර්ග් විසින් දුරකථනය ඔස්සේ ඇය වෙත මෙම පණිවිඩය දැනුම් දී තිබේ.

එම මොහොත පිළිබඳව අදහස් දැක්වූ ඉන්ග්‍රිඩ් කාල්බර්ග් සඳහන් කළේ,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here