චීනයේ හය හැවිරිදි ලියන් යුන්ෂි (Lian Yunzhi) නමැති දැරියක්, දින තුනක් ඇතුළත කාන්තා 3x3x3 රුබික් කියුබ් ලෝක වාර්තාව අලුත් කිරීමට සමත් වී තිබේ.
ඇය මුලින්ම මෙම ලෝක වාර්තාව අලුත් කළ අතර, ඉන් දින කිහිපයකට පසු ඇයගේම වාර්තාව යළිත් බිඳ දමමින් නව ඉතිහාසයක් ලිවීමට සමත් විය.
විශේෂත්වය වන්නේ, තත්පර 4.5කට අඩු සාමාන්‍ය කාලයක් (Average time) වාර්තා කළ ලොව එකම කාන්තා කියුබ් ක්‍රීඩිකාව ලෙසද ඇය ඉතිහාසයට එක්වීමයි. ඇයගේ මෙම පුදුමාකාර දක්ෂතාව මේ වන විට ලොව පුරා ක්‍රීඩා ලෝකය අතර දැඩි කතාබහට ලක්ව තිබේ.




