සමස්ත කාන්තා AI වෘත්තිකයන්ගේ ප්‍රතිශතය 22% ? – UN Women ‘Gender Snapshot 2026’ වාර්තාවෙන් අනාවරණයක්

    0
    7

    අද වෙනකොට ලෝකය පුරාම ලොකු කතාබහකට ලක්වෙලා තියෙන මාතෘකාවක් තමයි කෘත්‍රිම බුද්ධිය කියන්නේ. AI කියන තාක්ෂණය අනාගතයේදී මිනිස් සංහතියට තර්ජනයක් වෙයිද කියන එක ගැන විවිධ මත පල වුණත්, අද වෙනකොටත් කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට මේ හරහා එල්ල වෙලා තියෙන අභියෝග නම් සුළුපටු නැහැ.

    UN Women (කාන්තා සංවිධානය) විසින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සමගාමීව නිකුත් කරපු ‘Gender Snapshot 2026’ නවතම වාර්තාව මඟින් පෙන්වා දෙන්නේ පුදුම සහගත කරුණක්. ඒ, AI ආර්ථිකය තුළ සහ තාක්ෂණ ක්ෂේත්‍රය තුළ කාන්තා නියෝජනය තවමත් ඉතාම පහළ මට්ටමක පවතින බවයි.

    • AI වෘත්තිකයන්- ලෝකයේ සමස්ත AI වෘත්තිකයන්ගෙන් කාන්තාවන් ඉන්නේ 22% ක් වැනි ඉතාම අඩු ප්‍රතිශතයකයි.
    • AI සහ නායකත්වය- AI ආයතනවල ජ්‍යෙෂ්ඨ නායකත්ව තනතුරු දරන්නේ කාන්තාවන් 14%කටත් වඩා අඩු පිරිසක්
    • Generative AI භාවිතය- පිරිමින්ට වඩා කාන්තාවන් මේ නවීන AI මෙවලම් භාවිත කිරීමට 20% ක පමණ අඩු නැඹුරුවක් දක්වනවා.

    UN Women පෙන්වා දෙන විදිහට, මේ වගේ ක්ෂේත්‍රවල කාන්තා නියෝජනය අඩුවීම නිසා අනාගතයේදී සමාජීය අසමානතා තවත් වැඩි වෙන්න පුළුවන්. විශේෂයෙන්ම පහත සඳහන් අංශවලින් ගැටලු මතුවෙනවා.

    ඩිජිටල් හිංසනය

    AI තාක්ෂණය හරහා කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහිව සිදුවන තාක්ෂණ-පාදක හිංසනවල වේගය සහ බරපතලකම වැඩි වෙලා තියෙනවා. මානව හිමිකම් ක්‍රියාකාරිනියන් සහ මාධ්‍යවේදිනියන් මුහුණ දෙන අන්තර්ජාල හිංසන සිදුවීම් වලින් හතරෙන් එකකට ආසන්න ප්‍රමාණයකදී AI තාක්ෂණය වැරදි ලෙස භාවිත කර ඇති බව අධ්‍යයනවලින් හෙළි වී තිබෙනවා.

    රැකියා වෙළඳපොළේ අවදානම

    ජාත්‍යන්තර කම්කරු සංවිධානයට (ILO) අනුව, සාමාන්‍යයෙන් කාන්තාවන් බහුලව නියැලෙන රැකියා ක්ෂේත්‍ර, පිරිමින් ආධිපත්‍යය දරන ක්ෂේත්‍රවලට වඩා දෙගුණයක් පමණ GenAI තාක්ෂණය හරහා වෙනස් වීමට හෝ අවදානමට ලක් වීමට ඉඩකඩ තිබෙනවා.

    මෙම වාර්තාවට අනුව පුළුල් ව්‍යාපාරික හා නායකත්ව ආයෝජනවල තත්ත්වයත් එතරම් සතුටුදායක නැහැ.

    නමුත් මුළුමනින්ම පිරිමින්ගෙන් සමන්විත කණ්ඩායම් වෙත එය 83.6% ක් වැනි දැවැන්ත ප්‍රතිශතයක් හිමි වී තිබෙනවා.

    ඇල්ගොරිතම පක්ෂපාතීත්වය (Algorithmic bias) වැනි ගැටලු මඟහරවා ගැනීමටත්, සියලු දෙනාටම එකසේ ප්‍රයෝජනවත් වන තාක්ෂණයක් නිර්මාණය කිරීමටත් AI සංවර්ධනය සහ තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියට කාන්තාවන්ගේ සමාන සහභාගීත්වය අත්‍යවශ්‍ය වනවා. ඒ සඳහා රජයන්, තාක්ෂණ සමාගම් සහ සංවර්ධන හවුල්කරුවන් වහාම ක්‍රියාත්මක විය යුතු බව ඉතාම පැහැදිලි කාරණාවක්.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here