මඟ නතර වූ ජල යෝජනා ක්‍රම යළි අරඹයි

0
64

සංවර්ධන කටයුතු ප්‍රමාද වී ඇති ජල යෝජනා ක්‍රම සහ ප්‍රජා ජල යෝජනා ක්‍රම කඩිනමින් නිම කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සංවිධානය කළ ලෝක ජල දින සමරුමට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සදහන් කළාය.

මෙහිදී ජල සම්බන්ධතා ලබා දීම සඳහා නිර්මාණය කළ විශේෂ මෘදුකාංගයක් එළිදැක්වීම අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර ලෝක ජල දිනයට සමගාමීව පැවති දීප ව්‍යාප්ත පාසල් නාට්‍ය හා රචනා තරග ජයග්‍රහණය ලැබූ සිසු දරුවන් වෙත සම්මාන හා සහතිකපත්‍ර ප්‍රදානය කිරීමත්, ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ මණ්ඩලයීය වෘත්තීයවේදීන් වෙත සම්මාන හා පදක්කම් ප්‍රදානය කිරීමත් සිදු කෙරිණ.

“ජල සම්පාදන කටයුතු සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට 2025 වසරේ මංගල අයවැය මඟින් රුපියල් මිලියන 41, 234 ක අරමුදල් වෙන් කිරීමට නිර්දේශ කර තිබෙන බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.

lankadeepa.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here