නව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වශයෙන් රුක්දේවී ප්‍රනාන්දු පත්කරයි

0
371

නව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වශයෙන් රුක්දේවී ප්‍රනාන්දු පත්කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසිනුයි මෙම පත්කිරීම සිදුකර තිබෙන්නේ.

1999 වසරේ දී තක්සේරුකරුවෙක් ලෙස දේශීය ආදායම් සේවයට බැදෙන ඇය, ජ්‍යෙෂ්ඨ තක්සේරුකරුවෙක්, නියෝජ්‍ය කොමසාරිස්, කොමසාරිස් හා ජ්‍යෙෂ්ඨ කොමසාරිස් වශයෙන්ද සේවය කර තිබෙනවා.

දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ 39 වැනි කොමසාරිස් ජනරාල් වශයෙන් ඇය හෙට (20) රාජකාරි භාරගැනීමට නියමිත බවයි දේශීය ආදායම් මාධ්‍ය අංශය පවසන්නේ.

hirunews

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here