මැදපෙරදිග අපේ ශ්‍රමික කාන්තාවන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙන්නැයි රජයට යෝජනා කරන බව මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රීනි අධිනීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල පැවසුවාය.
ඇය මෙසේද පැවසුවාය.
“මැදපෙරදිග ගෘහ සේවයේ සිටින කාන්තාවන් අපේ රටට විශාල වශයෙන් විදේශ විනිමය එවන කණ්ඩායමක්. අපි ඒ කණ්ඩායම හොදින් රැකබලා ගන්න ඕන. ඒ අයගේ සුභසාධනය උපරිමයෙන් සැලසීම රජයක වගකීමක්. විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ඒ සඳහා ලොකු වැඩ කොටසක් පැවරෙනවා.
මැදපෙරදිග සේවය කරන අපේ කාන්තාවන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දෙන්න කියලා රජයට යෝජනා කරනවා.”
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න- lankadeepa.lk)