අනුරාධපුරයේදී අපයෝජනයට ලක් වූ දැරියගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන ඇති බවට අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් සහතික වෙයි

0
20

අනුරාධපුර ප්‍රදේශයේදී ලිංගික අපයෝජනයට ලක් වූ බව කියන දැරියගේ ආරක්ෂාව සහ රැකවරණය තහවුරු කිරීම සඳහා තම අමාත්‍යාංශය සහ අදාළ ආයතන අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පවසනවා.

එම දැරියට නීතිමය නියෝජනයක් නොමැති බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන අමාත්‍යවරිය, අදාළ දැරිය, සහෝදරයා සහ එම නිවසේ සිටින තවත් ළමා ඥාතියෙකු දැනට අමාත්‍යාංශයීය රැකවරණය යටතේ පසුවන බව ප්‍රකාශ කළා.

සිද්ධියට අදාළ අනවශ්‍ය තොරතුරු මාධ්‍ය වෙත අනාවරණය නොකිරීමට රජය ගෙන ඇති තීරණයෙන් අදහස් වන්නේ, සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගන්නා බව නොවන බව ද ඇය පෙන්වා දෙනවා. 

ශ්‍රී ලංකා පොලිසිය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් නඩු කටයුතු ගොනු කර ඇති අතර, ඉදිරි නීතිමය පියවර සඳහා නීතිපතිවරයාගේ උපදෙස් පතා ඇති බව ද අමාත්‍යවරිය සඳහන් කළා.

යම් පිරිස් මෙම සිදුවීම දේශපාලන වාසි තකා භාවිත කිරීමට උත්සාහ කරන බවත්, එවැනි ක්‍රියාවලට පිළිතුරු දීමට වඩා තමන් ප්‍රමුඛතාව දෙන්නේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීමට බවත් අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here