හිටපු අමාත්‍ය වජිර අබේවර්ධනගේ නැන්දණිය අභාවප්‍රාප්ත වේ

0
197

එක්සත් ජාතික පක්ෂයේ සභාපති සහ හිටපු අමාත්‍ය වජිර අබේවර්ධනගේ නැන්දණිය වන මල්ලිකා වනිගරත්න ඉලේපෙරුම අභාවප්‍රාප්ත වූවාය. මියයන විට 92 වැනි වියෙහි පසු වූ ඇය විශ්‍රාමික තැපැල් ස්ථානාධිපතිනියකි.

අභාවප්‍රාප්ත ජෝර්ජ් වනිගරත්නගේ ආදරණීය බිරිඳ වූ ඇය, නාමල් අබේවර්ධන ඇතුළු දරුවන් තිදෙනෙකුගේ ආදරණීය මෑණියන් ද වේ.

දේහය හෙට (14) පෙරවරු 8:00 සිට පස්වරු 4:00 දක්වා බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තැබීමට නියමිතය. අවසන් කටයුතු හෙට පස්වරු 5:00 ට බොරැල්ල කනත්ත ආදාහනාගාරයේදී සිදු කිරීමට සියලු කටයුතු යොදා ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here