බාලවයස්කාර දැරියකට බරපතල ලිංගික අපරාධයක් කළ අනුරාධපුර පුද බිමේ විහාරාධිපති හිමිනම අත්අඩංගුවට නොගන්නා ලෙස බලපෑම් !

0
10

15 හැවිරිදි බාලවයස්කාර දැරියක වරින් වර අවස්ථා ගණනාවකදී බරපතළ ලිංගික අපරාධයකට ලක් කිරීම සහ ලිංගික අපයෝජනය කළ

බවට අනුරාධපුර පුද බිමේ පිහිටි ප්‍රධාන විහාරස්ථානයක විහාරාධිපති හිමිනමකට චෝදනා එල්ලවී ඇතත් උන්වහන්සේ අත්අඩංගුවට නොගන්නා ලෙස දේශපාලන බලපෑම් එල්ලවී ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

කෙසේවුවද මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර එම විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න ගම්පහ කොට්ඨාසයේ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය නියෝග කර තිබේ.

අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කර ඇත්තේ, ගම්පහ කොට්ඨාස පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය 22424/2026 අංක දරන බී වාර්තාව මගින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.

තමන්ව මුලින් ම ලිංගික අපරාධයකට ලක් කළේ, අනුරාධපුර පුද බිමේ පිහිටි ප්‍රධාන විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක බව ප්‍රශ්න කිරීම්වලදී දැරිය ප්‍රකාශ කළ බවට පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

අපරාධය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින විහාරාධිපති හිමිනම මුලින් ම තමාව ලිංගික අපරාධයකට ලක් කිරීමෙන් පසුව රුධිරය තැවරුණු ඇදුම් තමන් වළ දැමු බව ද දැරිය සිය ප්‍රකාශ මගින් පොලිසියට දැනුම් දී ඇති බව අනාවරණය වී තිබේ.

ගම්පහ කොට්ඨාස පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ මෙම කරුණු දැක්වීම සැලකිල්ලට ගෙන ඇති අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න ඔවුන්ට නියෝග කර ඇත්තේ, මෙම අපරාධය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර එම විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස යි.

දැරියගේ පියා සහ මව අදාළ විහාරාධිපති හිමියන්ගෙන් වරින් වරින විශාල මුදලක් ලබාගෙන තම 15 හැවිරිදි බාල වයස්කාර දියණිය එම හිමියන්ට ලබා දී ඇති බව ද මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇතැයි අධිකරණයට දැනුම් දී තිබේ.

වින්දිත බාල වයස්කාර දැරිය දැනට රාගම ප්‍රදේශයේ පිහිටි විශේෂ ළමා නිවාසයක ආරක්ෂාව යටතේ රඳවා සිටී.

theleader

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here