ජපන් අගමැතිනි සනායි ටකායිචි (Sanae Takaichi) නායකත්වය දෙන පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය (LDP) ඊයේ (08) පැවති එරට මහ මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත්වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, සනයි තකයිචිගේ නායකත්වයෙන් යුත් සන්ධානය ජපාන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 465 න් ආසන 352ක් දැනටමත් දිනා ගෙන ඇති බවයි.
පසුගිය ඔක්තෝබර් මාසයේදී ජපානයේ එවකට අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා වසරකටත් අඩු කාලයක් තුළදී එම ධුරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කිරීමටත් සමග සනයි තකයිචි එරට නව අග්‍රාමාත්‍යවරිය ලෙස බලයට පත්විය.
අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් මාස තුනකක් ගතවූ පසු ඉකුත්දා ඇය එරට පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීය.
මෙම දැවැන්ත ජයග්‍රහණයත් සමඟ ජපානය තුළ දීර්ඝ කාලයක් පැවති දේශපාලන අස්ථාවරත්වය අවසන් වනු ඇති බවට දේශපාලන විචාරකයෝ මත පළ කරති.
theleade




