විරෝ­ධ­තා­වට මලාලාගේ සහාය

0
13

නොබෙල් සාම ත්‍යාග­ලාභි ලෝක ප්‍රකට මානව හිමි­කම් ක්‍රියා­කා­රි­නි­යක වන මලාලා යුස­ෆ්සායි ඉරා­නයේ විරෝ­ධ­තා­වට සහාය පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරා­නයේ විරෝ­ධ­තාව සිදු­වන්නේ අධ්‍යා­ප­නය ඇතුළු කාන්තා අයි­ති­වා­සි­කම් තහ­නම් කළ රජ­ය­කට එරෙ­හිව බවත්, ඉරාන තරු­ණි­යන් සිය ගෞර­වය දිනා ගැනීම උදෙසා විරෝ­ධ­තා­වට එක්වී සිටින බවත් මලාලා යුස­ෆ්සායි එක්ස් සමාජ මාධ්‍ය ජාලයේ සට­හ­නක් තබා ඇතැයි වාර්තා වේ.

අනා­ගත ඉරා­නය හැඩ ගැස්විය යුතු වන්නේ බාහිර බල­වේ­ග­ව­ලට සහ පීඩ­න­කාරි ආණ්ඩු­ව­ලට අවශ්‍ය ආකා­ර­යෙන් නොව කාන්තා­වන් ද ඇතු­ළත් වන පරිදි පාල­න­යක් ගොඩ නැඟීම සඳහා බව ඇය වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කර ඇත. 17 හැවි­රිදි වියේදී නොබෙල් සාම ත්‍යාග­යෙන් පිදුම් ලැබූ මේ පාකි­ස්තාන ජාතික කාන්තාව එරට දැරි­යන්ගේ අධ්‍යා­ප­නය වෙනු­වෙන් හඬ නඟ­මින් සිටී.

dinamina.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here