දෘශ්‍යා­බා­ධිත කාන්තා 20-20 පළමු ලෝක කුස­ලාන ගැටු­මට ශ්‍රී ලංකා පිල ඉන්දි­යා­වට

0
78

දෘශ්‍යා­බා­ධිත වූ කාන්තා­වන් වෙනු­වෙන් පළමු වරට සංවි­ධාන කරන විස්සයි20 ලෝක කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලි­යට (Women’s T20 world Cup – Cricket for the Blind 2025) එක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩා­යම අද (10) අලු­යම ඉන්දි­යාව බලා පිටත්ව ගියේය.

ඉන්දි­යාව සහ ශ්‍රී ලංකාව සම සත්කා­ර­ක­ත්වය දරන මේ තර­ගා­ව­ලිය හෙට (11) ඉන්දි­යාවේ නව­දිල්ලි නුව­රදී ආරම්භ වන අතර, මේ මස 23 වැනිදා කොළ­ඹදී නිමා වීමට නිය­මි­තය.

සම සත්කා­රක ඉන්දි­යාව සහ ශ්‍රී ලංකාව සමඟ මේ තර­ගා­ව­ලි­යට පාකි­ස්තා­නය, ඔස්ට්‍රේ­ලි­යාව, නේපා­ලය සහ අමෙ­රිකා එක්සත් ජන­ප­ද­යෙන් කණ්ඩා­යම් එක් වෙයි.

තර­ගා­ව­ලි­යට එක් වන ශ්‍රී ලංකා කණ්ඩා­යමේ නායි­කාව ලෙස මිහි­රානි දුලාං­ජලි කට­යුතු කරන අතර, නිලංක කන්දේ­ගම කණ්ඩා­යමේ ප්‍රධාන පුහු­ණු­කරු ලෙස කට­යුතු කරයි.

16 දෙන­කු­ගෙන් සම­න්විත ශ්‍රී ලංකා කණ්ඩා­ය­මට සම්පූ­ර්ණ­යෙන්ම ඇස් නොපෙ‍ෙ­නන, උපැස් යුග­ලක් පැල­ඳී­මෙන් යම්තාක් දුරට පෙනෙන සහ සාමා­න්‍ය­යෙන් පෙනීම ඇති ක්‍රීඩි­කාවෝ ඇතු­ළත්ව සිටිති.

මේ ක්‍රීඩි­කා­වන් ‘බී1’, ‘බී2’ සහ ‘බී3’ ලෙස කාණ්ඩ 3කට වෙන්කර ඇති අතර, ඒ අනුව ‘බී1’ කාණ්ඩ­යෙන් සම්පූ­ර්ණ­යෙන්ම නොපෙ‍ෙ­නන ක්‍රීඩි­කා­වන් සිවු­දෙ­නෙක්, ‘බී2’ කාණ්ඩ­යේදී උපැස් යුගල පැලඳ ක්‍රීඩා කළ හැකි එය ඉවත් කළ විට නොපෙ­නෙන ක්‍රීඩි­කා­වන් තිදෙ­නෙක් සහ ‘බී3’ කාණ්ඩ­යෙන් සාමා­න්‍ය­යෙන් පෙනීම (තර­මක් දුරට පෙනීම ඇති) ඇති ක්‍රීඩි­කා­වන් සිවු­දෙ­නෙක් කණ්ඩා­ය­ම­කට එක්ව සිටිති.

ශ්‍රී ලංකා දෘෂ්‍යා­බා­ධිත කාන්තා විස්සයි20 සංචි­තය – මිහි­රානි දුලාං­ජලි (බී3) (නායි­කාව), නිපුනි චමෝද්‍යා (බී1), ස්වේතා කෞමදි (බී1), යශෝධා පියුමි (බී1), පවනි තක්ෂිලා (බී1), මොනිකා දිසා­නා­යක (බී1), සඳුනි සෞම්‍යා (බී3), අමන්ගි උබේ­රාම (බී3), මතිෂා සංකේ­තනී (බී2), සඳුනි හංසිකා (බී2), ප්‍රිය­ද­ර්ෂනී පුෂ්පිකා (බී2), සන්ධ්‍යා නිලන්ති (බී3), සුද­ර්ෂණී ඊරි­ය­ගම (බී2), උදේනි ජය­මාලි (බී2), නයනා නිල්මිණි (බී2), චන්දිමා ලක්මිණි (බී3), නිල­ධා­රීන් – නිලංක කන්දේ­ගම (පුහු­ණු­කරු), ටී.ඒ.එස්. සම්පත් (භෞත­චි­කි­ත්සක), සුදේශ් තරංග (ප්‍රධාන සංවි­ධාන නිල­ධාරී), ජේ.පී.ඩී.වී.ඩී. නානා­ය­ක්කාර (කළ­ම­නා­කාරු), එස්.සී. කුමාර (සහාය කළ­ම­නා­කරු).

නිරෝ­ෂාන් ප්‍රියං­කර – Dinamina

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here