මැතිනිය දැයෙන් සමුගෙන වසර 25 ක් සපිරුණ දා චන්ද්‍රිකා තැබූ සංවේදී සටහන

0
27

ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ රත්වත්තෙ බණ්ඩාරනායක අභාවප්‍රාප්ත වී අදට (ඔක්තෝම්බර් 10 ) විසි පස් වසරකි.

1916 අප්‍රේල් 17 දින ජන්මය ලද සිරිමාවෝ රත්වත්ත ඩයස් බණ්ඩාරනායක (මැතිනිය ලෙස සාමාන්‍යයෙන් හඳුන්වයි) අභාවප්‍රාප්ත වුයේ, 2000 ඔක්තෝම්බර් 10 දාය.

නවීන ලෝකයේ ආණ්ඩුවක ප්‍රධානියාවූ ප්‍රථම කාන්තාව ඇය, ශ්‍රි ලංකාවේ තෙවරක් අග්‍රාමාත්‍ය පදවියට පත්වුවාය. ඒ 1960 – 1965, 1970 – 1977 සහ 1994 – 2000 යන කාල වකවානු වලදීය.

වැඩිදුරටත් විස්තර සඳහා විකිපීඩියා පිටුව බලන්න

දියණිය චන්ද්‍රකාගෙන් සංවේදී සටහනක් …

මැතිණියගේ අභාවයෙන් වසර 15 ක් සපිරුණ අද (10) දිනයේ ඇය ගැන සිහිපත් කරමින් ඇගේ දියනියකවන සහ මෙරට ප්‍රථම විධායක ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිය ෆේස්බුක් ගිණුමෙහි සංවේදී සටහනක් තබා ඇත.

මතු පළ වන්නේ එම සටහන යි.

අසූව දශකයේ මැද භාගයේ එක් දිනක් මගේ මව හමුවීමට මගේ සහෝදරිය සමග මවගේ නිවසට ගියවිට, ඇයගේ පරම්පරාවෙන් ඇයට උරුම වූ රිදී භාණ්ඩ කීපයක් දෙස බලමින් සිටිනු මගේ මතකයේ රැඳී තිබේ. ඇය ඒ ඒ එක් එක් භාණ්ඩයේ වටිනාකම සාකච්ජා කරමින් පසුවූවා ය.

 පවුලේ උරුමයෙන් ලත් එම භාණ්ඩ අලෙවි කිරීමට ඈ කැමති වීම පිළිබද විමතියට පත් මම, ඇයට එසේ කිරීමට උවමනා වී ඇත්තේ ඇයිදැයි විමසා සිටියෙමි. එවිට ඇය මට පැහැදිලි කර සිටියේ විදේශයක දී තමාට සිදු කිරීමට නියමිත උකුල් අස්ථියේ ශල්‍ය කර්මය සඳහා මුදල් අවශ්‍යව ඇති බවයි. මේ වනාහි වසර දොළහක් රටෙහි අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කළ තැනැත්තිය යි.

ඇගේ මූල්‍ය තත්වය දැකීමෙන් මම මහත් කම්පාවට පත්වීමි. නමුදු මම ඒ සමගම මගේ මව පිළිබඳව අභිමානයට පත්වීමි.

එවන් නායිකාවක් දැයෙන් සමුගෙන අදට වසර 25 කි.

ඔබට නිවන් සුව අම්මේ!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here