සෙබළියකට අතවර කිරීමේ චෝදනාවට නාවික සෙබලා රිමාන්ඩ්

0
64

එකම කදවුරේ රාජකාරියේ නිරත සෙබළියකට ලිංගික හිරිහැර කිරීමේ චෝදනාවට ලක්ව සිටින නාවික භටයකු රක්ෂිතබන්ධනාගාර ගත කිරීමට උතුරේ අධිකරණයක් නියෝග කර තිබේ.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ චෝදනාවට ලක්ව සිටින පුංගුඩුතිව් නාවික හමුදා කදවුරේ සේවයේ නියුතු නාවික භටයා ඔක්තෝබර් 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කයිට්ස් මහේස්ත්‍රාත් නලිනි සුබාස්කරන් ඔක්තෝබර් 2 වැනි බ්‍රහස්පතින්දා නියෝග කළ බවයි.

පුංගුඩුතිව් ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨයිම්බර කඳවුරේ භටයකු 2025 සැප්තැම්බර් 25 වැනිදා තමන්ට ලිංගික හිරිහැර කළ බවට එම කදවුරේ සෙබළියක කළ පැමිණිල්ලක් මත විමර්ශන සදහා ඔවුන් දෙදෙනා එදිනම කන්කසන්තුරේ පිහිටි නාවික හමුදා කඳවුර යොමු කර තිබේ.

එම කදවුරේ පිහිටි රෝහලේදී සෙබළිය වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කර, වැඩිදුර විමර්ශන සදහා චෝදනාවට ලක්ව සිටින නාවික භටයා සහ වින්දිත සෙබළිය කන්කසන්තුරේ පොලීසිය වෙත බාර දීමට නාවික හමුදාව කටයුතු කර ඇති බවයි පළාත් බද මාධ්‍යවේදීන් වැඩි දුරටත් පවසන්නේ.

වින්දිත සෙබළිය කන්කසන්තුරේ පොලීසිය විසින් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කර වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කර ඇති අතර ඇය ලිංගික හිංසනයකට ලක්ව ඇති බව  එම වෛද්‍ය පරීක්ෂණයෙන් තහවුරු වී ඇත.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ අදාල වෛද්‍ය වාර්තා ද සහිතව චෝදනාවට ලක්ව සිටිනා නාවික භටයා සහ වින්දිත සෙබලිය කයිට්ස් පොලිස්ථානයට බාර දීමට කන්කසන්තුරේ පොලීසිය ක්‍රියා කළ බවයි.

පොලීසිය කයිට් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කරමින් ඔක්තෝබර් 02 වැනිදා චෝදනාවට ලක්ව සිටින නාවික භටයා සහ වින්දිත සෙබළිය අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර වින්දිත සෙබළිය මුදා හැරීමට නියෝග කළ කයිට්ස් මහේස්ත්‍රාත් නලිනි සුබාස්කරන් චෝදනාවට ලක්ව සිටින නාවික සෙබළා ඔක්තෝබර් 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here