සුසන්තිකා ජයසිංහ සිඩ්නි ඔලිම්පික් රිදී පදක්කම දිනා වසර 25 ක් සම්පූර්ණ වීම වෙනුවෙන් 2025 සැප්තැම්බර් 28 වෙනිදා මෙල්බර්න් නුවර දී විශේෂ උපහාර උත්සවයක් පැවැත්විණ.
සුසන්තිකා ලැබූ ප්‍රමුඛතම ජයග්‍රහණ
*1994 ආසියානු ක්‍රීඩා මීටර 200 රිදී පදක්කම
*1995 ආසියානු ශූරතා මීටර් 200 රන් සහ මීටර 100 රිදී පදක්කම්
*1997 ලෝක ශුරතා මීටර 200 රිදී පදක්කම
*2000 ඔලිම්පික් මීටර 200 රිදී පදක්කම
*2002 ආසියානු ශූරතා මීටර 100 / 200 රන් පදක්කම්
*2002 ආසියානු ක්‍රීඩා මීටර 200 රිදී පදක්කම
*2006 ආසියානු ක්‍රීඩා මීටර 100 රිදී සහ මීටර 200 ලෝකඩ පදක්කම්
*2007 ආසියානු ශූරතා මීටර් 100 / 200 රන් පදක්කම්
*2007 ලෝක ශූරතා මීටර 200 ලෝකඩ පදක්කම

”උපන් රට වෙනුවෙන් ලෝකෙම දිනලා දුන්නාත් මට මගේ දරුවන්ගේ අනාගතය ගැන හිතලා රට දාලා එන්න උනා” යයි සුසන්තිකා ජයසිංහ SBS සිංහල සේවය සමග පැවති සම්මුඛ සාකච්ජාවකදී ප්‍රකාශකර තිබිණ.
”මගේ අම්මාටයි තාත්තාටයි අදටත් මම පිං දෙනවා, ලෝකෙ දිනන්න මට දුන්න ශක්තියට” සුසන්තිකා ජයසිංහ එහිදී සංවේදීව පවසයි.
එදා මෙදා තුර කෙටි දුර ධාවන ඉසව්වක දී ලෝක ශූරතා හෝ ඔලිම්පික් මට්ටමේ පදක්කමක් දිනූ එකම ආසියාතික ක්‍රීඩිකාව වන සුසන්තිකා ජයසිංහ සමග SBS සිංහල සේවය සමග කල සාකච්ජාව මෙහෙයවා තිබුනේ මාධ්‍යවේදී කස්සප සෙනරත් විසිනි.
එම වැඩසටහනට අදාල හඬපටයට මෙතනින් පිවිසෙන්න
උපුටා ගැනීම | sbs සිංහල සේවය