මන්දනා ඉන්දීය ක්‍රිකට් වාර්තා පොත අලුතින් ලියයි

0
23

ඉන්දියාව වෙනුවෙන් ආකෘති ත්‍රිත්වය යටතේම ශතක කළ පළමු හා එකම ක්‍රිකට් ක්‍රීඩිකාව බවට ආරම්භක පිතිකාරිනි ස්මිර්ති මන්දනා පෙරේදා (28) වාර්තා පොත් අලුත් කළාය.

එංගලන්තයට එරෙහිව නොටින්හැම්හිදී පැවති පළමු විස්සයි20 තරගයේදී ප්‍රහාරාත්මක ලකුණු 112ක් රැස්කරමින් ඇය මෙම සුවිශේෂී වාර්තාව පිහිටුවීය.

ඇය මේ වනවිට ටෙස්ට් ශතක 2කට හා එක්දින ශතක 11කට හිමිකම් කියයි.

මේ අතර එංගලන්තයට එරෙහිව පැවති මෙම තරගයෙන් ලකුණු 97ක විශිෂ්ට ජයක් ලැබීමටද ඉන්දියාවට හැකිවිය.

ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 5ක් දැවී රැස්කළ ලකුණු 210ක දැවැන්ත ඉනිමට පිළිතුරු ලෙස එංගලන්තයට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 113ක් පමණි.

ඒ අනුව එංගලන්තය ලැබූ එම පරාජය සැලකෙන්නේද ඔවුන් ඉන්දියාව හමුවේ සිය ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු පරතරකින් පරාජය වූ තරගය ලෙසය.

මෙම තරගයේ ඉන්දීය කණ්ඩායමේ නායිකාව ලෙසින් කටයුතු කළේද මන්දනාය.

| adaderana

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here