නිරාවරණ ඇඟිලි මිටෙන් පහර දීමේ සටන් ශූරතාවලියේ – Bare Knuckle Fighting Championship (BKFC) – ආකර්ෂණීය නිරූපිකාවක වන අමෙරිකාවේ කේට්ලින් බර්ට්රෑන්ඩ් (Kaitlyn Bertrand) පිට පිට දෙවැනි වසරටත් ‘බොක්සිං වළල්ලේ වසරේ කෙල්ල’ (Ring Girl of the Year) සම්මානය දිනා ගත්තා.

මන බඳින රූසපුවෙන් සටන් ක්‍රීඩා ලෝලීන්ගේ සිත් ඇද ගැනීමට සමත්ව සිටින 25 හැවිරිදි කේට්ලින් 2023 හා 2024 වසරවලදීත් මේ BKFC සම්මානය දිනා ගැනීමට සමත් වුනා. ගේ දොර ඉඩකඩම් ඒජන්තවරියක වන මේ සුරූපී තරුණියට ‘ඉන්ස්ටග්‍රෑම්’ අනුගාමිකයන් 154,000ක් සිටිනවා.
සටන් ක්‍රීඩා වළල්ල වටේ සැරිසැරන මේ ලස්සන යුවතිය දැන් මිශ්‍ර සටන් කලාවේ තරග – Mixed Martial Arts (MMA) – වළල්ලට ද පිවිස එය ආලෝකමත් කරනු ඇතැයි ඇගේ රූපයෙන් වසඟ වී සිටින බොහෝ ක්‍රීඩා ලෝලීන්ගේ පැතුම වී තිබෙනවා.

කේට්ලින් පිට පිට දෙවැනි වරටත් Ring Girl of the Year සම්මානය දිනා ගැනීම පිළිබඳව ඇයට ප්‍රශංසා කළ අය අතර ඉදිරියෙන්ම සිටියේ UFC සටන් පුරාවෘත්තය වන කොන මෙග්රෙග (Conor McGregor). ඔහු ඇයව හැඳින්වූයේ “මගේ ලෝක ශූරිය!” ලෙසින්.

ගෙවුනු වසර ප්‍රදර්ශනවලින් පිරුණු කාර්යබහුල කාලයක් වූ බවත් තමාට ආදරය හා සහයෝගය ලබා දුන් සියලු දෙනාට ප්‍රමාණවත් ලෙස ස්තූති කිරීමට තමා සතුව වචන නැති බවත් කේට්ලින් කියනවා.
බොක්සිං වළල්ලේ මෙතෙක් පෙනී සිටි වඩාත්ම සරාගී ‘රිං ගර්ල්’ ලෙස ක්‍රීඩා ලෝලීන් විසින් හඳුන්වනු ලබන මේ සමාජ මාධ්‍ය තාරකාවගේ මීළඟ ඉලක්කය වී තිබෙන්නේ පිට පිට තෙවැනි වතාවටත් Ring Girl of the Year කිරුළ දිනා ගැනීමයි.

(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
[email protected]