ගීතා ගෝපිනාත් – ජනපති අතර හමුවක්

0
49

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ගීතා ගෝපිනාත් ඇතුළු එහි නියෝජිත පිරිස අද (16) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මුණගැසී තිබේ.

නව ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ ජනතාව කේන්ද්‍ර කර ගත් ආර්ථික න්‍යාය පත්‍රයක් ඉදිරියට ගෙන යාමට කැපවන බව එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක එම පිරිස හමුවේ අවධාරණය කර ඇත.

ශ්‍රී ලංකා ආර්ථිකය යළි යථා තත්ත්වයට ගෙන ඒමටත්, රජයේ වත්මන් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි අඛණ්ඩ සහාය ලබා දෙන බව ආචාර්ය ගීතා ගෝපිනාත් ඇතුළු නියෝජිත පිරිස එහිදී තහවුරු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here